මේ අතර සුළු ජාතික පක්ෂ හා සුළු මත දරන පක්ෂ සම්බන්ධයෙන් වූ සටහනේ සිංහල අර්ථ දැක්වීමේ ප්‍රශ්නයක් මතු වුවද එය, මැතිවරණය කල් තැබීමට හේතුවක්...
මේ අතර සුළු ජාතික පක්ෂ හා සුළු මත දරන පක්ෂ සම්බන්ධයෙන් වූ සටහනේ සිංහල අර්ථ දැක්වීමේ ප්‍රශ්නයක් මතු වුවද එය, මැතිවරණය කල් තැබීමට හේතුවක් කර නොගන්නා බවයි අමාත්‍යවරයා පැහැදිලි කළේ. විශේෂයෙන්ම අඹගමුව හා නුවරඑළිය ප‍්‍රාදේශීය සභා දෙක ප‍්‍රාදේශිය සභා තුනක් බවට පත් කිරීම පිළිබඳව එළඹෙන 31 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද මුස්තාපා මහතා සඳහන් කළේය. වතුකරයේ දෙමළ පක්ෂ එම ඉල්ලීම වසර 30ක් මුළුල්ලේ සිදු කර ඇති අතර වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS