දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි
Homeප්‍රවෘත්ති

ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි

PropellerAds

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම අදියර 03ක් යටතේ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසයි....

'කිසිම සිසුවෙකු සමාන්‍ය පෙළ අසමත් නොවිය යුතුයි' - අගමැති
රංගෙ බණ්ඩාර පරහදුන්නැයි කියා තරුණයෙක් රෝහලේ
ප්‍රභූ සැකකරුවන් ගෙවන වාට්ටුවල නැවතීම ගැන ජනපති කතා කරයි (VIDO)
වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම අදියර 03ක් යටතේ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ එහි පළමු අදියර ලෙස නිධන්ගත රෝග සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිත බවය.

සැප්තැම්බර් මස අවසාන සතියේ සිට ඔවුන් සඳහා එන්නත්කරණය ආරම්භකරන බව වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

ළමුන් සඳහා මේ වන විට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ද වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා මහතා පැවසීය.

"පළමු අදියරයේ දී අපි මේ එන්නත දෙන්න බලාපොරොත්තුවෙන්නේ සංකූලතා තියෙන ළමුන්ට. දෙවන අදියරයේ දී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. තුන්වෙනි අවස්ථාවේ දී හැමදෙනාම එකඟවෙනවා නම් ඉතිරිවෙන ළමුන්ට විශේෂයෙන්ම වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට දෙන්න.  ඒ වගේම සංකූලතා තියෙන දරුවන්ට සැප්තැම්බර් මස අග එන්නත ලබාදීමට නියමිතයි.  දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ වයස අවුරුදු 12ට වැඩි ඔබේ දරුවාට යම් නිධන්ගත රෝගයක් තිබේනම් ප්‍රතිශක්තිකරණයේ අඩුවන රෝග ලක්ෂණ තිබේ නම් මෙම සියලු කණ්ඩායම්වලට එන්නත ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සඳුදා දිනයේ අවසන් තීරණයක් ලබාදීමට නියමිතයි."

"බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතකරලා තියෙන්නේ ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත.  ඒකෙනුත් ෆයිසර් එන්නත තමයි වැඩිපුරම භාවිතකරලා තියෙන්නේ. අපේ දරුවන්ට වැක්සිනයක් දීලා මොකද වෙන්නේ කියන  එක නොකළ යුතු දෙයක්. අපි කළ යුත්තේ බටහිර රටවල අත්හදාබලලා ඔවුන් පිළිගත්ත ක්‍රමවේදයට යන එක. මොකද  එයින් අපට වාසියක් ඇති වෙනවා. අමෙරිකා  එක්සත් ජනපදය ගත්තම මිලියන ගණනකට වැක්සිනය දීලා තියෙනවා. ඉතාමත් අඩු ප්‍රමාණයක තමා සංකූලතා තියෙන්නේ. දැනට තියෙන වැක්සින් තොගය අනුව සංකූලතා තියෙන දරුවන්ට  එය ලබාදීමට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මොකද අපිට අවශ්‍ය වන්නේ හැටදහසත් හැත්තෑදහසත් අතර ප්‍රමාණයක්. අපි කළ යුත්තේ වෘත්තිකයින් හැටියට යම් ක්‍රමවේදයක් ගොඩනැගීම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ට හොඳම දේ දෙන්න".

මේ අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලු පවතින බව රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍යනලින්ද හේරත් මහතා සඳහන් කළේ වෛද්‍ය උපදෙස් වලට පටහැනිව එන්නත්කරණය සිදුකිරීම මගින් එම ගැටලු පැන නැගී ඇති බවය.

"එන්නත් කරණ වැඩසටහන මේ තාක්ෂණික උපදෙස්වලින්  බැහැරව බොහෝ තැන්වල ක්‍රියාත්මකවීමට පටන්ගත්තා. විශේෂයෙන් වයස් කණ්ඩායම් සහ දිවයිනේ ප්‍රමුඛතා ලබාදිය යුතු දිස්ත්‍රික්කවල තාක්ෂණිය උපදෙස් අභිබවා ක්‍රියාත්මක වෙනවා. වයස් කණ්ඩාම් ගත්තාම අපි මුලින්ම නිර්දේශ කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයිට ප්‍රමුඛතාවය දීලා මේ  එන්නත් කරණ ක්‍රියාවලිය කරන්න කියලා. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ් මර්දන කණ්ඩාම්. මේ ගොල්ලෝ තමයි අධි අවදානම් කණ්ඩාම්. මේ කට්ටියට  එන්න්ත්කරණය කරන්න කියන  එක. සෞඛ්‍ය සේවකයෝ, ඉදිරිපෙළ කොවිඩ්  මර්දන කණ්ඩාම් සඳහා සිදුවුණා. නමුත් මේ 60ට වැඩි කණ්ඩායම  එන්නත්කරණය අවසන් කරන්නේ නැතුව වෙනත් වයස් කණ්ඩායම් සඳහා  එන්නත් ලබාදීමට යොමු වුණා. මේ සඳහා නිර්දේශ ලබා දුන්නේ කවුද කියන  එක අදටත් ප්‍රශ්නයක්."
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි
ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbvsLggViqVevprkYB6DQEq1LBs2JJ3Nj2rYMwaVryFLWh3AtYQwUUZ9doqmpZ9bT5bEvg66M2KVlyDLc6cLk6Q7emHpLi85R9w0NQ8JmxrkSTx_zvcrzQm_Z_qvuw33_faUtwqXaJh8Yw/s320/enx.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbvsLggViqVevprkYB6DQEq1LBs2JJ3Nj2rYMwaVryFLWh3AtYQwUUZ9doqmpZ9bT5bEvg66M2KVlyDLc6cLk6Q7emHpLi85R9w0NQ8JmxrkSTx_zvcrzQm_Z_qvuw33_faUtwqXaJh8Yw/s72-c/enx.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_369.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_369.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy