රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් සිදු කරන ලද බව කියන පහරදීමක් හේතුවෙන් තරුණයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (12) රා...
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් සිදු කරන ලද බව කියන පහරදීමක් හේතුවෙන් තරුණයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (12) රාත්‍රී 12.30 ට පමණ පල්ලම නගරයට ආසන්නයේදී මෙම පහර දීම සිදුවී ඇත.
හලාවත, පල්ලම පාසල පාර අසල පදිංචිකරුවෙකු වන තුසිත මධුසංඛ නමැති 21 හැවිරිදි තරුණයෙක් මෙලෙස තමන් පහරදීමකට ලක්වූ බව ප්‍රකාශ කොට තිබේ.
තමන් නිල රථයෙන් ගමන් කරමින් සිටින විට බීමත් අයෙකු මාර්ගය හරහා ගමන් කළ බවත් තමන්ගේ ආරක්ෂක නිලධාරීන් මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් පවසමින් අමාත්‍යය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් තරුණයෙකු පල්ලම පොලීසියට බාර දී ඇත.
පල්ලම පොලිස් ස්ථානයේ නිළධාරියෙකු කියාසිටියේ තමන් වෙත රාජ්‍ය අමාත්‍යයවරයා විසින් බාර දුන් තරුණයා බීමතින් සිටියා ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කළ බවයි.
කෙසේ වෙතත් රෝහල් ගත කර සිටින තරුණයා ප්‍රකාශ කරන්නේ තමා බීමතින් නොසිටි බවත් පෞද්ගලික හේතුවක් නිසා රාජ්‍ය අමාත්‍යයවරයා විසින් තමාට පහරදුන් බවත්ය.
COMMENTS