දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති චන්න මොනවා කිව්වත් ''අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා'' (video)
Homeප්‍රවෘත්ති

ඇමති චන්න මොනවා කිව්වත් ''අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා'' (video)

PropellerAds

අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට අවසන් උත්සහය වශයෙන් දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය පියාණන් කොවිඩ්...

රැඳවියන් අතර වේගයෙන් උණ පැතිරිලා.. මහර රැඳවියන්ගේ උද්ඝෝෂණය සාධාරණයි – පංච පුද්ගල කමිටුව කියයි
පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි - වසංගත රෝග ප‍්‍රධානී
ෆයිසර් බයෝටෙක් එන්නතෙන් බි‍්‍රතාන්‍යයේ ආසාත්මිකතා.. ලබාදීම සීමා කරයි
අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට අවසන් උත්සහය වශයෙන් දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය පියාණන් කොවිඩ් රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ විශේෂඥ වෛද්‍ය සතිෂ් ජයසිංහ මහතාගේ පුත් රොහාන් ජයසිංහ මහතා පවසයි.

ඔහු නිකුත් කළ වීඩීයෝවක දැක්වෙන්නේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ ඖෂධය "හැම තැන ම ගන්න තියෙන" බවට පාර්ලිමේන්තුවේදී පැවසුව ද, එම බෙහෙත රුපියල් ලක්ෂ 10ක් වැය කර හෝ ලබා ගැනීමට තමන්ට නොහැකි වූ හෙයින් සිය පියා මිය ගිය බවය.

අදාළ ඖෂධය රට තුළ තිබේ නම් එය ලබා ගත හැකි ආකාරය තමන්ට පවසන ලෙස චන්න ජයසුමන අමාත්‍යවරයාට ෆේස්බුක් ඔස්සේ ඉල්ලීමක් පවා කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

රොහාන් ජයසිංහ මහතා නිකුත් කළ වීඩියෝ පටය හරහා අනාවරණය කළ සම්පූර්ණ තොරතුරු පහත දැක්වේ.

"මගේ නම රොහාන් ජයසිංහ. මගේ පියාණන් අද වන විශේෂඥ වෛද්‍ය සතිෂ් ජයසිංහ (19දා) පාන්දර 5.00ට අභාවප්‍රාප්ත වුණා  පෞද්ගලික රෝහලකදී. එතුමා පයාගල උපත ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ළමා රෝග පිළිබඳ විශේෂඥයෙක් වෙලා වත්තල ගමේ පොඩි ඩිස්පැන්සරියක් හදාගෙන ඒ අවට මිනිස්සු හැම කෙනකුට ම බෙහෙත් දීලා උදවු කරලා එතුමා ජීවත් වුණා. 

එතුමා නෝත් කලම්බු මෙඩිකල් කොලේජ් එකේ (NCMC) නිර්මාතෘවරයා හැටියට සටහන් වෙනවා. ඒ එක්ක ම එතුමා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා හැටියට එතුමාත් සමග රටවල් කීපයකට සංචාරය කරලා තියෙනවා.

එතුමා බොහෝම දක්‍ෂ වෛද්‍යවරයෙක්. මුළු වත්තල ගම ම එතුමා ගැන දැනගෙන සිටියා. ඉන් පස්සෙ මුළු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ම එතුමට රෝගීන් එනවා. 

අය කිරීමකින් තොරව වැඩි දෙනකුට ප්‍රතිකාර කරපු කෙනෙක් තමයි මගේ පියා. අවාසනාවන්ත ලෙස අද එතුමා අපෙන් වෙන්වුණා. වෙන් වුණේ කොවිඩ් වෛරසය ආසාදිත වෙලා. එතුමාට ඒක හැදිලා තියෙන්නේ එතුමා සමග සේවය කරපු සේවකයකුගෙන්. ඒක හරි ම කනගාටුදායක කරුණක්.

මම එක එක පුද්ගලයාට කතා කරලා හුඟක් උත්සහ කළා එතුමාට අන්තිම බෙහෙත ලබා දෙන්න. එම බෙහෙත යම්කිසි අසාධ්‍ය පුද්ගලයකුට අවසාන වතාවට දෙන බෙහෙතක්. ඒක සමහර විට හරියන්න පුළුවන්. සමහර විට හරි නොයන්න පුළුවන්. 

ජයසුමන ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කියපු විදිහට එය ලංකාවේ ගන්න නැහැ. ලංකාවේ බවර් සමාගම තමයි ඒ බෙහෙත ලංකාවට ගෙන්වන්නේ. එක් ලක්‍ෂ දහතුන් දහසක් විසි දහසක් පමණ ගණනකට තමයි එම බෙහෙත බවර් සමාගමෙන් විකුණන්නේ.

මේ බෙහෙත විකුණන්න තියෙන්නේ ලක්‍ෂ 10 දක්වා. නමුත් ලක්‍ෂ 10ටවත් ගන්න නැහැ. මේ වගේ වාතාවරණයක තමයි ජයසුමන මහත්තයා පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ මේක හැම තැන ම ගන්න තියෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියලා තියෙනවා ප්‍රේමදාස මහතා දන්නේ නැත්නම් වෙන දන්න කෙනකුගෙන් අහන්න කියලා.

මගේ දුරකතන අංකය ෆේස්බුක් එක හරහා ජයසුමන මහත්තයට දන්වලා කිව්වා ඔබතුමා මට කතා කරලා ඒ බෙහෙත තියෙන තැන පෙන්වන්න කියලා. කීයක් ද යන්නේ කියලත් කියන්න කිව්වා. මම ඒකට මුදල් දෙන්නම් කියලත් මම ජයසුමන මහත්තයාට කිව්වා. තියෙන තැනකින් එකක් මට දෙන්න කියලත් මම කිව්වා. 

නමුත් කෝ ඒවා දැන්. මම රටේ තවත් පාලකයන් කීප දෙනකුටත් කතා කරලා මගේ ප්‍රශ්නය කිව්වා. මට කාමරයක්වත් ගන්න බැරි වුණා.

මට දුන්නේ බිංගිරියේ කාමරයක්. තාත්තව එච්චර දුර යවන්න මම සතුටු වුණේ නැහැ. මගේ පෞද්ගලික හැඳුනුම්කම් අනුව මට කොළඹ පෞද්ගලික රෝහලක් ලැබුණා. නමුත් මට අර බේත ගන්න තිබුණා නම් මගේ පියා තාමත් ඉන්නවා මාත් එක්ක. බොහොම කනගාටුයි . මේ රටේ මට මෙහෙම නම් අහිංසක ජනතාවට මොකක් ද වෙන්නේ? මොකක් ද ඉරණම වෙන්නේ?

අද මේ රෝගය පැතිරෙන විදිහට බෙහෙතකුත් නැහැ. ඇඳන් නැහැ. ඉස්පිරිතාලත් නැහැ. හෝටල්කාරයෝ නම් හොඳට හම්බ කර ගන්නවා. අපි අසරණ මිනිස්සු. අපි මොනව ද කරන්නේ. ඒක තමයි දේශපාලනය පැත්තකින්  තියලා මේ ප්‍රශ්නයේදී හරි අපි එකට එකමුතු වෙමු.

මම ආරාධනා කරනවා මගේ තාත්තාගේ නාමයෙන් ඔබතුමාලා එකතු වෙලා අවම වශයෙන් මේ රටේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න. නැත්නම් ඔහෙලට ඡන්දය දෙන්න මිනිස්සු නැහැ. මිනී පෙට්ටිවලට ඡන්දය දෙන්න බැහැ. ඒක තමයි මට කියන්න පුළුවන් මගේ තාත්තා වෙනුවෙන්. මට මේ බෙහෙත සොයා ගන්න බැරිවීම ගැන මට බොහෝම කනගාටුයි.

හැබැයි පිරට මිනිස්සු මට මීට වඩා ගරු කළා. අද රෑට මට ඒ බෙහෙත ලැබෙනවා. මට ඒක විශේෂ එකක්. ඒත් ඒ අය කළේ මගේ පියාණන් වෙනුවෙන්.

නමුත් ඒ අවස්ථාව මට හැමෝට ම දෙන්න බැහැ. මම බොහෝම කනගාටු වෙනවා. ඒ උදව්ව අනිත් අයට කරන්න බැරිවීම ගැන. ඕනෑ ම පුතෙක් තමාගේ ආදරණීය කෙනෙක් අසාධ්‍යයේ ඉන්නවා නම් හැම කෙනකුගේ ම සහාය ඉල්ලාවි.

මමත් ඔය සහාය හැම කෙනකුගෙන් ම ඉල්ලුවා. ඒ අයගේ නම් මට කියන්න බැහැ. ඒ එක් අයෙක්වත් අඩු ම ගාණේ මට ටෙලිෆෝන් කෝල් එකකින්වත් උත්තරයක් දුන්නේ නැහැ මට. 

ඒ අවස්ථාවේ එක පාරට ම සජිත් ප්‍රේමදාස මහත්තයාට මතක් වුණා. මම එතුමාට කතා කරලා එතුමා ටෙලිෆෝන් කෝල් එකට ආන්සර් කළා. එතුමා කිව්වා චමී මම උත්සාහ කරන්නම් කියලා.

මම මංගල සමරවීර මැතිතුමාට එක බෙහෙතක් හොයල දුන්න බව ඇත්ත. ඒක අන්තිම එක තමයි කියලා එතුමා මට කිව්වා. එතුමා කතා කළා එම්.එස්.ඩී. එකේ උසස් නිලධාරීන්ට. ඒ අය කිව්වා ඒ බඩු ඉවරයි. ඒවා නැහැ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ ජයසුමන මහත්තයා කියනවා ඒවා තියෙනවා කියලා. මම දන්නේ නැහැ. මෙකේ ඇත්ත නැත්ත මොකක් ද කියලා. නමුත් මේ බෙහෙත නැති නිසා මගේ පියා මට නැති වුණා.

මගේ පියාගේ නාමයෙන් කරුණා කරලා ජයසුමන මහත්තයෝ ඔබතුමා ගිහිල්ලා බලන්න තියෙනවා නම් කියන්න. අපි කැමැතියි තව අසරණ මිනිසුන්ට මේ බෙහෙත අරන්දීලා උදවු කරන්න. අලුත් බෙහෙත් තියෙනවා දැන්. ඇමෙරිකාවෙන් එන බෙහෙත් විතරක් නෙවෙයි. තවත් ලෝකයේ රටවල්වල බෙහෙත් වර්ග තියෙනවා. ලෝකයට හඳුන්වලා තියෙනවා. ඒවා ගැන අහන්න. ඒවා ගැන ඉගෙන ගන්න දන්න මිනිස්ටර් කෙනෙක්ව දාන්න. ඔය ගැන දන්න කෙනෙක්ව ඉගෙන ගත්ත කෙනෙක්ව. කැබිනට් එකේ ඉන්නවානේ ඕන තරම් ‍දොස්තරවරු. ඇයි ඒ කෙනෙක්ව දාන්නේ නැත්තේ. ඇයි කොමිටියක් හදන්නෙ නැත්තේ. විපක්‍ෂයයි ආණ්ඩු පක්‍ෂයයි එකතු කරලා.

මේ අහිංසක ජනතාව නේද මේ මැරෙන්නේ ඔබතුමාලට හැදුණොතින් ඔබතුමාලා මොක ද කරන්නේ. ඔබතුමාලා ඉතින් ප්‍රයිවට් ජෙට් එකක් ගෙන්නලා ඉතින් යයි සිංගප්පූරුවට හරි වෙන කොහෙට හරි. මේ අහිංසක ජනතාවට එහෙම එකක් බැහැ. ඉස්පිරිතාලයක්වත් නැහැ. මේක අහගෙන ඉන්න කෙනෙක් හිතයි මම සජිත් ප්‍රේමදාස මහත්තයාට කඩේ යනවා කියලා. මම කඩේ යෑමක් නෙවෙයි කළේ. මගේ අත්දැකීමක් තමයි මම මේ කියන්නේ.

මම එතුමාව එතරම් ම දන්නේ නැහැ. පක්‍ෂයේ ඉන්න අනිත් අය තරම්. නමුත් එතුමා මට මේ දවස් දෙකට වදයක් වුණා. එතුමා එතරම් ම උනන්දුයි මටත් වඩා මගේ තාත්තා ගැන. 

එවැනි පුද්ගලයෙක් තමයි අපට මේ රට දෙන්න අවශ්‍ය වෙන්නේ. හදවතක් තියෙන මනුෂ්‍යයෙක් වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. නැතිව මේ ක්‍රමයට ගියොතින් අපි වැඩිකල් දුවන එකක් නැහැ. ඡන්දය දෙන්න මිනිස්සු නැති වෙයි.

මගේ පියාගේ සෞඛ්‍ය ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මට දේශපාලනය නැතිව අවශ්‍ය කරන බෙහෙත් මට ගන්න බැරි වුණා. අද මේ රට එවැනි තත්ත්වයකට වැටිලා තියෙන්නේ. දැන් මට පක්‍ෂයේ එක එක කට්ටිය කතා කළාට ඒ ගොල්ලන් මට අවම වශයෙන් ටෙලිෆෝන් කෝල් එකකින්වත් ආමන්ත්‍රණය කරලා නැහැ. මම හිතුවා ඒ පාර සජිත් ප්‍රේමදාස මහත්තයාට කතා කරන්න. එතුමා මට පර්සනලි කතා කරලා කිව්වා මම ඔබතුමාගේ පියා වෙනුවෙන් මම මේක කොහොම හරි උත්සාහ කරන්නම් කියලා.

ඊට පස්සේ එයා උත්සහ කරනවා කියලත් මට පණිවුඩයක් එවනවා. ඊට පස්සේ ඊළඟ දවසේ එයා මට ටෙලිෆෝන් නම්බරයක් එවනවා මෙන්න මේ නොම්මරයට කතා කරලා බලන්න මොක ද වෙන්නේ කියලා. ඔයාට එයා උදවු කරයි මම එයාට කතා කරලා තියෙන්නේ කියලා. මට දුන්නා එච්.එස්.ඩී. එකේ උසස් නිලධාරියකුගේ නොම්මරයක් එතුමා උදවු කරන්න බලන්නම් කියලා කිව්වාට ජයසුමන මහත්තයා කියපු විදිහට නම් බෙහෙත් නෑ මම දන්නේ නෑ."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති චන්න මොනවා කිව්වත් ''අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා'' (video)
ඇමති චන්න මොනවා කිව්වත් ''අත්‍යවශ්‍ය බෙහෙතක් නැති වුණ නිසා මගේ පියා කොවිඩ්වලින් මිය ගියා'' (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-pYMVaChw5wVT6NYDf_hMnDqLa0h4m2R1xNTPz7v0OlfkCmJ9x1kMeIDWDS7aDE8S0sM6HJ-eCd77b4qhGUnBBlerJfGqLtl4sLr20f6809utiF_3Ne6KWoHss1_5KQbA73PZAlty7Zsj/s320/611e902fc7947_611e8dbe0460e_611e8c2b18ce9_611e8b601eb98_Rohan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-pYMVaChw5wVT6NYDf_hMnDqLa0h4m2R1xNTPz7v0OlfkCmJ9x1kMeIDWDS7aDE8S0sM6HJ-eCd77b4qhGUnBBlerJfGqLtl4sLr20f6809utiF_3Ne6KWoHss1_5KQbA73PZAlty7Zsj/s72-c/611e902fc7947_611e8dbe0460e_611e8c2b18ce9_611e8b601eb98_Rohan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/video_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/video_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy