දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා !
Homeප්‍රවෘත්ති

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා !

PropellerAds

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එලෙස සේවය ...

අංක එකට රට පක්ෂය හා ආගම ඊට පසුවයි
අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කරයි
වනාතවිල්ලුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම ගැන අමාත්‍යවරයෙකුට සැකයක්
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එලෙස සේවය කළ තවත් කාන්තාවක් ඊයේ (01) ප්‍රකාශයක් කරමින්  තමාද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරන කාලයේදි ලිංගික අතවරයන්ට ලක්වු බව ප්‍රකාශ කළ බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.

මේ අතර 2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් 10 දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් පසුගියදා පරීක්ෂණ ආරම්භ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මෙම දැරිය මියගොස් තිබෙනවා. තවත් කාන්තාවක් රෝගයකින් මියගොස් තිබෙනවා. තවත් කාන්තාවක් මෙම නිවසේ සිට ගෘහසේවය අවසන් වීමෙන් පසුව පිටව යෑමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් සිදුකර ඇති බවට වාර්තා වෙනවා. කෙසේවෙතත් 11දෙනාගෙන් 8දෙනාගේ ප්‍රකාශ අද දිනය වන විට සටහන් කරගෙන තිබෙනවා.” 

ඒ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ ඩයගම ප්‍රදේශයේම පදිංචිව සිටි එක් කාන්තාවක් කැලණිය ප්‍රෙද්ශයේ පදිංචිව සිටිය දී සොයා ගෙන තිබුණි.

එම කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය සඳහන් කර ඇත්තේ, තමාද මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කරන කාලයේ දී ලිංගික අතවරයට ලක් වු බවය.

ඒ අනුව අදාළ කාන්තාව ද රැගෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අද දහවල් රිෂාඩ් බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පැමිණියාය.

එලෙස පැමිණි ඇය නිවසේ යම් යම් ස්ථාන පරීක්ෂාවට ලක් කරන ආකාරයක් දැක ගන්නට ලැබුණි.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රිවරයාගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ඒ.ජේ.මොහමඩ් ෆායිස් අද නිවේදනයක් නිකුත් කළේය.

එහි සඳහන් වුයේ ඉෂාලිනිට ලබා දි තිබු කාමරය අඩි 6 යි 4 ප්‍රමාණයේ කාමරයක් ලෙස දැක්වුවද එහි සැබෑ ප්‍රමාණය දිගින් අඩි 7 යි අඟල් 4ක් වන අතර පළල අඩි 6යි අඟල් 3ක් බවය.

එම කාමරයට ක්‍රියාකරන විදුලි පංකාවක් සහ විදුලිඑළිය ද ලබා දි ඇති අතර ඇයට පුද්ගලික පාවිච්චිය සඳහා අංග සම්පුර්ණ නානකාමරයක් ද ලබා දී තිබු බවට එම නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම එම දැරිය මාස 7 හමාරක පමණ සුළු කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කළ කාල පරිච්ඡේදයේ දී එම ලිංගික අපයෝජනය සිදුවුවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ද ඒ.ජේ.මොහමඩ් ෆායිස් සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනි දැරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයකම උද්ඝෝෂණ පැවැත්විය.

එමෙන්ම බලපිටිය කොත්දූව පුරාණ විහාරස්ථානයේදී දැරිය සිහිකරමින් බෞද්ධ චාරිත්‍රානුකූලව මතක වස්ත්‍ර පූජා කිරීමක් අද පෙරවරුවේ සිදුකෙරුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා !
බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවක් ලිංගික අතවරයට ලක් වෙලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoF69QS-7rKF2n5Ll-VUeMquuOiDeurMDVNdJM41-rz2mPl0uZrew_NStgJ07Y9Rk43hlopl7oZoJaiLii1LzM9NRfojUg3w5z1kmw3GH-bU9F14hD7mJ1i194QQYb07L_RKXayovAvaI/s320/1627824775-Badudeen_L-750x500.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoF69QS-7rKF2n5Ll-VUeMquuOiDeurMDVNdJM41-rz2mPl0uZrew_NStgJ07Y9Rk43hlopl7oZoJaiLii1LzM9NRfojUg3w5z1kmw3GH-bU9F14hD7mJ1i194QQYb07L_RKXayovAvaI/s72-c/1627824775-Badudeen_L-750x500.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy