දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ලැබී තිබුණු බුද්ධි තොරතුරු විෂය භාර අමාත්‍යවරයා වන තමන්ට හෝ අවම වශයෙන් දැනුම් දී තිබු...
විෂය භාර ඇමතිවරයා හැටියට මට පොලිස්පතිවරයා හෝ බුද්ධි අංශ ප්‍රධානින් මේ සම්බන්ධයෙන් මට දැනුම් දීමක් සිදුකලා නම් ඒ ගැන කාදිනල් තුමාට සහ සංචාරක හෝටල් වලට මේ පිලිබඳව දැනුම් දීමක් කරලා ඔවුන්ව මේ ගැන අවධානයෙන් පසුවන ලෙස කියන්න තිබුනා. නමුත් එහෙම දෙයක් යැයි ඇමති ජෝන් අමරතුංග කියා සිටියා.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියකට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී සැක පළ කෙරුණා. මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍ය කබීර් හෂීම්.
වනාතවිල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ඉහළ දේශපාලකයෙක් විසින් අදාළ විමර්ශන සිදුකරනු ලබන පොලිසියේ නිලධාරීන්ට කතා කර ඔවුන් නිදහස් කර යැවීමට පියවර ගත් බවට දැන් තොරතුරු දැනගන්න ලැබෙමින් පවතිනවා. මෙලස නිදහස් වූ එක් අයෙක් ඊයේ ප්‍රහාරයන් ගෙන් එක් ප්‍රහාරයක් සිදුකළ බවට තොරතුරු තිබෙනවා. මේ ගැන දැන් අපි සොයා බලමින් සිටිනවා යැයි අමාත්‍යවරයා කියා සිටියා.
පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඔහු එලෙස ඉල්ලා අස්නොවුන හොත් වෙනත් පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් ද කරන බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ
COMMENTS