දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් අස්සේ අනිල් ජාසිංහව තණකොළ කපන්න දාලාලු
Homeප්‍රවෘත්ති

කොවිඩ් අස්සේ අනිල් ජාසිංහව තණකොළ කපන්න දාලාලු

PropellerAds

මේවන විට රට තුළ හටගෙන ඇති ගැටළුවලට හේතුව වන්නේ සුදුස්සාට නිසි තැන නොදීම බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත...

එජාපයේ නලින් ඉත්තෑපාන නාහිමිගෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට රට යන්න අවස්ථාවක්
'2017දීම උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ' - ඇමතිවරු ඉදිරියේදී සම්බන්දන් කියයි 
මේවන විට රට තුළ හටගෙන ඇති ගැටළුවලට හේතුව වන්නේ සුදුස්සාට නිසි තැන නොදීම බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා. ජාතික පුවත්පතකට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියා.

නිසි ස්ථානවල සිටි සුදුස්සන් ද එම ස්ථානවලින් ඉවත් කර ඔවුනට නොගැලපෙන ස්ථානවලට දැමූ බව පෙන්වා දෙන ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රටෙහි පවතින වර්තමාන වාතාවරණය සැළකූ විට අවස්ථාව ලද සැණින් බොහෝ දෙනෙකු රට හැර යනු ඇති බව යි.

“මට හෝද හෝද මඩේ දාන්න අවශ්‍ය නෑ. නමුත් බලන්න අර අනිල් ජාසිංහ මහත්තයා. මොනවා හරි කරගෙන ආවානේ. එයාව දැන් දාල තියනවා තණකොළ කපන්න. අපේ අමල් හර්ෂ මහත්මයා දක්ෂ පරිපාලකයෙක්නේ හැම පැත්තෙන්ම. එයාව දාලා පුන්නක්කු දියකර සත්ව ආහාර හදන්න. එතකොට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ දවස්වල මොනතරම් පී.සී.ආර්. කළාද රෑ දවල් නොබලා. ඒ වගේ අඩුපාඩු තමා තියෙන්නේ. අපි දන්නේ නෑ රාජ්‍ය නායකයා කේළම් අහලා මේ මිනිස්සු අයින් කරනවාද වෙනත් ක්‍රමයකින් අයින් කරනවාද නොහැකියාවද කියලා”

වැඩබැරි ටාසන්ලා

රට කරවන පිරිසට උපදෙස් ලබා දීමට බොහෝ දෙනෙකු සිටින බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

එමෙන්ම මෙරට දක්ෂ පුද්ගලයින් ඕනෑ තරම් සිටින නමුත් මේවන විට රටේ දක්ෂයන් කොන් වී ඇති බවත් සෑම ස්ථානයකම අදක්ෂයන් සිටින තැනට රට පත් වී ඇති බවත් උන්වහන්සේ පවසනවා.

“ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ වැඩක් කරන්න ගියාම උපදේශකයෝ වැඩියි. කිසිම තැනක සුදුස්සෙකුට සුදුසු තැන නෑ. දක්ෂ මිනිස්සු ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. නමුත් ඒ දක්ෂයන් හැමකෙනාම දැන් කොන් වෙලා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ දැන් හැමතැනම ඉන්නේ වැඩබැරි ටාසන්ලා කියලා. මේ වැඩ කටයුතුවලදී කවුරුහරි කෙනෙක් හරි උපදේශයක් දුන්නත් දැන් ඒ උපදේශ පිළිගන්නේ නැති තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා”

ගෝඨා ගැනත් ප්‍රශ්ණ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක් සිදු කළ භික්ෂූන්වහන්සේ නමක් ද වනවා.

එවන් පසුබිමක උන්වහන්සේ පවසන්නේ ඍජු තීරණ ගන්නා නායකයෙකු ලෙස ප්‍රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ දී ඍජු තීරණ නොගන්නේ මන්දැයි තමන්ට ද ගැටළුවක් වී ඇති බව යි.

ජනාධිපතිවරයා පමණක් නොව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඍජු තීරණ නොගැනීම ගැටළුවක් බවයි.

“මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා ඔය තුන්දෙනෙක් ඉන්නේ. ඔය තුන්දෙනාට එකතුවෙලා සාකච්ඡා කරන්න පුළුවන් කවුරුවත් නැතුව. මහින්ද මහත්තයා දේශපාලනයේ තෙම්පරාදු වුණ කෙනෙක්. ජනතා හදවතේ එතුමා තාමත් ජීවත්වෙනවා. බැසිල් රාජපක්ෂ කියන්නෙත් සැලසුම් කරණයේ දක්ෂයෙක්නේ. ඉතින් ඔය තුන්දෙනාට පුළුවන් එකතු වෙලා සාකච්ඡා කරලා දවල් මිගෙල් රෑ ඩැනියෙල් වෙන්නේ නැතුව අඩුපාඩු හදාගන්න”

මෙහෙම ගියොත් මහින්දත් ඉවරයි

මෙම ක්‍රමයට ඉදිරියට ගියහොත් රට විනාශ වී යාම වැළැක්විය නොහැකි බව ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස වෙහෙස වී ගොඩනගා ගත් ජන ප්‍රසාදය ද විනාශ වී යා හැකි බවයි ද උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

"පසුගිය වකවානුව තුළ අපිම කෑගැහුවා දේශීය සම්පත් විකුණනවා, ගුවන් තොටුපළ විකුණනවා, රජය දේපළ විකුණනවා කියලා. ඉතින් ඒවා අඩු කරගන්න තමා අපි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. ඒකෙත් කෙරෙන්නේ අර ටිකමයි. වෙනසක් නෑ බලනකොට. ගෝඨාභය මහත්තයාට යමක් කරගන්න, කරවන්න වුවමනාව තිබුණත් මොකවත් කරගන්න බැරි වෙලා තියෙනවා"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් අස්සේ අනිල් ජාසිංහව තණකොළ කපන්න දාලාලු
කොවිඩ් අස්සේ අනිල් ජාසිංහව තණකොළ කපන්න දාලාලු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaswMYREWdfT4-bIMbAF60pYebkBDIRkWNw1t4VK0GF-p1MiQDMaUD_TZgNVEsB1T7MqFns_D0c5qDLVfqSC0TRSSRmPMfxkER2N_zwQyDNqkePEx85KdqP597CqlBHYd9-hq4aU8VZCNy/s320/79381768ebed60dfb9a06ab3cdec2d77_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaswMYREWdfT4-bIMbAF60pYebkBDIRkWNw1t4VK0GF-p1MiQDMaUD_TZgNVEsB1T7MqFns_D0c5qDLVfqSC0TRSSRmPMfxkER2N_zwQyDNqkePEx85KdqP597CqlBHYd9-hq4aU8VZCNy/s72-c/79381768ebed60dfb9a06ab3cdec2d77_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_503.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_503.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy