ආරක්ෂක අංශ වෙතට බාර වී වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නිදහස ලබා නිවෙස් වෙතට ගොස් ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට අවශ්‍යනම් විදෙස්ගත වීමට...
ආරක්ෂක අංශ වෙතට බාර වී වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නිදහස ලබා නිවෙස් වෙතට ගොස් ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට අවශ්‍යනම් විදෙස්ගත වීමටද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්ය්‍යංශය කටයුතු යොදා ඇති බව වන්නි පුනරුත්ථාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) වව්නියාව, පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේදී පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු නිදහස් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී මෙතෙක් පුනරුත්ථාපනය වී නිදහස ලැබූ සාමාජික පවුල් වෙතට ස්වයං රැකියා සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණද මහන මැෂින් ප්‍රධානයක්ද සිදු කෙරිණි.
12,000කට අධික පිරිසක් මේ වන විටත් පුනරුත්ථාපනය කොට සමාජගත කොට ඇති අතරම මේ වනවිට එම පිරිස් වෙතට කෘෂිකාර්මික, පෙදරේරු ඇතුළු විවිධ ස්වයං රැකියා අවස්ථාද රාජ්‍ය හා රාජ්‍ය නොවන රැකියා අවස්ථාද ලබා දී ඇති බවට කර්නල් හැමිඩෝන් මහතා පැවසී ය.
(වන්නි රොමේෂ් මධූෂංඛ)
COMMENTS