යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත් සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට සහජීවනයක් ගොඩ...
යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත් සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට සහජීවනයක් ගොඩනැගීමට නොහැකි බවත් විපක්ෂනායක ආර්. සම්බන්දන් මහතා පවසයි.
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් ඊයේ (26) යාපනය දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
2017 වසර අවසන් වීමට ප්‍රථම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන ආකාරයෙන් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකළ යුතු බවත් එතුළින් එම ජනතාවටද සම අයිතිය භුක්ති විදීමට හැකිවිය යුතු බවත් තම ඉල්ලීම් ඉටුකරමින් සත්‍ය අවබෝධ කරගැනීම තුළින් පමණක් මෙරට සංහිදියාවක් සහජීවනයක් ඇති වනු ඇති බවත් සම්බන්දන් මහතා පෙන්වා දුන්නේය.
උතුරු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන්, විදේශ ඇමැති මංගල සමරවීර, ඇමැති රිෂාඩ් බදුර්දීන් සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.
COMMENTS