කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කෝට්ටේ ශ්‍ර...
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගෙන් සමාව අයැද සිටියේය.
මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳ පසුගිය 24 වනදා පැවැති විවාදයේදී තමා සිදුකළ කතාවේදී ඉත්තෑකනදේ හිමියන්ගේ නම වෙනුවට ඉත්තෑපානේ මහ නාහිමියන්ගේ නම සඳහන් කළ බවත් එයින් මහා නාහිමියන්ට සිදුවූ සිත්තැවුලක් වේ නම් උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බව මන්ත්‍රිවරයා පැවැසුවේය.
“විමල් වීරවංශ හිටපු නිවාස ඇමැතිවරයා සිය වකවානුවේදී වාහන නවයක් ලබාදී ඇති අයගේ නම් සඳහන් කරන විට ඉත්තෑකන්දේ හිමියන්ට වාහනයක් ලබාදී තිබුණ. මා ඒ නම වෙනුවට ඉත්තෑපාන නාහිමියන්ගේ නම කීවා. ඒ සම්බන්ධයෙන් මම මහ නාහිමියන්ගේ සමාව ඉල්ලනවා.“ යැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී කතානායක කරු ජයසූරිය මහතා පැවසූයේ “ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් සිත් වේදනාවෙන් ඊයේ රාත්‍රියේම මට දුරකතනයෙන් කතා කළා.“
COMMENTS