අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම වි...
අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑමබීම නැතුව මිය යනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
රට වසා දමන තරමටම පාලනයකින් තොරව බඩු මිල ඉහළ යනු ඇති බවත් පැවසූ ඒ මහතා එවන් අවස්ථාවල ම තමන්ගේ මව් පියන්ට දොස් පවරන්න එපා යැයි ද ඉල්ලා සිටියේ ය.
දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පල කලේය.
අද වන තෙක් රජයේ සේවකයන්ට කිසිදු කප්පාදුවකින් තොරව වසර එකහමාරක් වැටුප් ගෙවා ඇති නමුත් ඉදිරියේදී ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුවහොත් වැටුප් කප්පාදුවක් වුවද සිදු කිරීමට ඉඩ ඇතැයි ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

COMMENTS