දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තයින්ට හසුවූ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායමට වෙන දේ!
Homeප්‍රවෘත්ති

ත්‍රස්තයින්ට හසුවූ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායමට වෙන දේ!

PropellerAds

ජාත්‍යන්තර පුවත් පිළිබඳ අවධානයෙන් පසුවන බොහෝ දෙනා මේවන විට නෙත් යොමා සිටින්නේ ඇෆ්ඝනිස්ථානය දෙස යි. පැවැති තලේබාන් පාලනය පෙරළා එරට තුළ ප්...

මහින්දගේ රහස් තොරතුරු දෙනවැයි කියා සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි
අධිවේගී මාර්ග සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණකරුවන් කවුද?
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට.
ජාත්‍යන්තර පුවත් පිළිබඳ අවධානයෙන් පසුවන බොහෝ දෙනා මේවන විට නෙත් යොමා සිටින්නේ ඇෆ්ඝනිස්ථානය දෙස යි.

පැවැති තලේබාන් පාලනය පෙරළා එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කිරීමට යුද වැදුණු අමෙරිකානු හමුදා වසර ගණනාවකට පසු ඇෆ්ඝන් භූමියෙන් නික්ම යාමත් සමග සියළු දෑ උඩු යටිකුරු වූයේ දින කිහිපයක් තුළ යි.

ඉතා කෙටි කලක් තුළ රට තුළ යළි බලය තහවුරු කර ගැනීමට තලේබාන් ත්‍රස්තයින් සමත් වූ අතර ඊයේ ඔවුන් ඇෆ්ඝන් අගනුවර වූ කාබුල් ද අල්ලා ගත්තේ මුලු රටම තමන් සතු බව ලොවට පවසමින්.

ක්‍රිකට් කණ්ඩායමට මොකද වෙන්නේ?

මෙවන් තත්ත්වයක් මත ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ එහි අනාගතය පිළිබඳ ප්‍රශ්ණාර්ථයක් මතුව තිබෙනවා.

ඇෆ්ඝනිස්ථානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වූයේ 19 වැනි සියවසෙහි මැද භාගයේ දී වුවත් ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබුවේ 2017 වසරේ දී යි.

අමෙරිකාව ප්‍රමුඛ හමුදා පෙරළා දැමූ තලේබාන් පාලනයෙන් පසු බලයට ආ ප්‍රජාතන්ත්‍රවාදී රජය යටතේ බිහි වූ නව ඇෆ්ඝන් ක්‍රිකට් කණ්ඩායම සිය ආධුනිකත්වය හැර දමා ජාත්‍යන්තර පිටියේ ඉහළට නගිමින් සිටියේ කෙටි කලක් ඇතුළත යි.

ඇෆ්ඝන් ශූරයින්ගේ දස්කම්

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක් දින ශ්‍රේණිගත කිරීම් හි රැඳී සිටින්නේ 10 වැනි ස්ථානයේ යි.

ඒ ශ්‍රී ලංකාවට පසු එම ලැයිස්තුවේ සිටින රට බවට පත් වෙමින්.

ජාත්‍යන්තර විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ දී ඔවුන් ශ්‍රී ලංකාව ද අභිබවා ඉදිරියෙන් සිටින අතර එම ලැයිස්තුවේ ඇෆ්ඝනිස්ථානය 7 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් පසුවනවා.

ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයින් ගැන අවධානය යොමු කළ හොත්, ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද ඉහළට පැමිණීමට ඔවුන්ට හැකිව තිබෙනවා.

මේවන විට හොඳම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි 3 වැනි ස්ථානයේ සිටින්නේ ඇෆ්ඝන් ක්‍රීඩක මුජීබ් අර් රහ්මාන්වන අතර හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමෙහි 2වැනි ස්ථානයේ සිටින්නේ ඇෆ්ඝන් ක්‍රීඩක මොහොමඩ් නබි යි.

එමෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් දඟ පන්දු ශූරයෙකුවන රශීඩ් ඛාන් හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමෙහි 4 වැනි ස්ථානයේ පසුවනවා.

විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය ද ඊට දෙවැනි වන්නේ නැහැ.

විස්සයි-20 හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවෙහි 3 වැනි ස්ථානය සහ 5 වැනි ස්ථානය හිමිකරගැනීමට ඇෆ්ඝන් ක්‍රීඩකයින්වන රශීඩ් ඛාන් සහ මුජීබ් අර් අහ්මාන් සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පසුවන්නේ එම ලැයිස්තුවෙහි දෙවැනි ස්ථානයේ යි.

විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි ද දෙවැනි ස්ථානයේ සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි යි.

තලේබාන්වරු ක්‍රීඩාංගන අල්ලයි

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතරම් ඉහළ තැනක සිටිය දී එරට සිදුවූ බල පෙරළිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් විචාරකයන් ද සිය කනස්සල්ල පළ කොට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ඝනිස්ථානය තුළ පවතින සියළුම ක්‍රිකට් ක්‍රීඩාංගන ද මේවන විට තලේබාන් ත්‍රස්තයින් සිය පාලනයට ගෙන ඇති බව යි.

එම තත්ත්වය යටතේ ඇෆ්ඝන් ක්‍රිකට් අනාගතය අස්ථාවර වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඇතැම්විට මෙය ඇෆ්ඝන් ක්‍රිකට්හි අවසානය විය හැකි දැයි ඇතැම් මාධ්‍ය ප්‍රශ්ණ කොට තිබෙනවා.

අනාගතය අවිනිෂ්චිතයි

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් පිළිබඳ මෙවැනි අවිනිෂ්චිතතා ගොඩනැගෙමින් පවතින්නේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ද ඔක්තෝබරයේ දී ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක යි.

කණ්ඩායමක් ලෙස ඔවුන් හට ඇතැම් විට එයට සහභාගී වීමට ඉඩ නොලැබෙතැයි ද මතයක් ඉස්මතු වෙමින් පවතින්නේ තලේබාන්වරුන්ගේ ඉදිරි සැළසුම් පිළිබඳව කිසිවෙකු නොදන්නා නිසා යි.

කෙසේ වෙතත් තලේබානුවරු ප්‍රකාශ කරන්නේ තම සංවිධානය මේවන විට ත්‍රස්තවාදීන් නොවන බව යි.

තමන්, සිය ජාතියෙහි අයිතීන් දිනාගැනීම සඳහා සටන් වදින විමුක්ති සටන්කාමීන් පිරිසක් පමණක් බව ඔවුන් පවසනවා.

ක්‍රීඩකයින් සිර වෙලා

තත්ත්වය එසේ වෙද්දී ඇෆ්ඝනිස්ථාන විස්සයි-20 නායක සුපිරි ක්‍රීඩක රශීඩ් ඛාන්, තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී සහ මුජීබ් අර් රහ්මාන් මේවන විට “ශතක තරගාවලිය”ට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටිනවා.

එමෙන්ම රශීඩ් සහ නබී දෙදෙනාම IPL තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් නියෝජනය කරන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

රශීඩ් ඛාන්, මොහොමඩ් නබී සහ මුජීබ් අර් රහ්මාන් යන තිදෙනා විදෙස්ගතව සිටියත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සියළු දෙනාම පාහේ ඇෆ්ඝනිස්ථානය තුළ සිර වී සිටින බව ද විදෙස් මාධ්‍ය අනාවරණය කළා.

පීටර්සන්ගේ හෙළිදරව්ව

සිය පවුලේ සාමාජිකයින් හට ඇෆ්ඝනිස්ථානයෙන් පිට වීමට අවස්ථාව නොලැබීමත් ඔවුන් මේවන විට එරට තුළ සිර වී සිටීමත් හේතු කොට ගෙන රශීඩ් ඛාන් දැඩි කණගාටුවෙන් සහ කනස්සල්ලෙන් පසුවන බව, හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් ස්කයි ස්පෝර්ට්ස් වෙත අනාවරණය කළා.

එවන් තත්ත්වයක් මත රශීඩ් හට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ දැඩි පීඩනයකින් බව යි පීටර්සන් පෙන්වා දෙන්නේ.

“ශතක තරගාවලිය” අතරතුර දී රශීඩ් සිය ගැටළු පිළිබඳ තමන් හා පැවසූ බව ද ඔහු පවසනවා.

ලෝක නායකයින්ට ඉල්ලීමක්

එමෙන්ම රශීඩ් ඛාන් සහ මොහොමඩ් නබී යන දෙදෙනා සිය රටට අත් වූ ඉරණම පිළිබඳ ශෝක ජනක අදහස් පළ කොට තිබෙනවා.

තමන්ට අවැසි වන්නේ සාමය බවත් ඇෆ්ඝනිස්ථානය වෙත මෙවන් ඛේදජනක ඉරණමක් අත් වීමට ඉඩ ලබා නොදෙන ලෙසට තමන් ලෝක නායකයින් වෙත ආයාචනා කරන බවත් රශීඩ් සහ නබී පවසනවා.

ශ්‍රී ලංකාවට එයිද නැද්ද?

ඉදිරි අනාගතය කෙසේ වුවත් මෑත අනාගතයේ, එනම් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ඝනිස්ථාන - පාකිස්තාන විස්සයි-20 තරගාවලිය ද අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව ඇති බව පැවසෙනවා.

මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේ දී යි.

තත්ත්වය කෙසේ වුවත් තරගාවලිය සඳහා පහසුකම් සැපයීමට තමන් තවමත් බලාපොරොත්තුවෙන් පසුවන බව යි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා AFP පුවත් සේවයට පවසා ඇත්තේ.

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රතිචාරය කුමක්දැයි තම ආයතනය විමසිල්ලෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

තලේබාන්වරු ක්‍රිකට්වලට ආදරෙයිලු

ජාත්‍යන්තරයේ කතාබහ එලෙස වුවත් ඇෆ්ඝන් ක්‍රිකට් මණ්ඩලයේ විධායක නිලධාරී හමීඩ් ශින්වාරී පවසා ඇත්තේ ඊට හාත්පසින්ම වෙනත් අදහසක්.

සිය රට තුළ සිදු වූ දේශපාලනික වෙනස ක්‍රිකට්වලට අහිතකර ලෙස බල නොපානු ඇති බව ඔහු පවසනවා.

ශින්වාරි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තලේබාන්වරු ක්‍රිකට් ක්‍රීඩාවට “ආදරය” කරන්නන් පිරිසක් බව යි.

එබැවින් ඔවුන් සිය රටෙහි ක්‍රිකට් ක්‍රීඩාවට සහය දක්වනු ඇති බව ඔහු අවධාරණය කර සිටිනවා.

කණ්ඩායම ආරක්ෂිතයි

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇෆ්ඝන් ක්‍රිකට් විධායක නිලධාරීවරයා සපථ කර ඇත්තේ කාබුල් නුවර සිටින සිය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්ෂිතව සිටින බවට යි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාකිස්තානයට එරෙහි තරගාවලිය මෙන්ම විස්සයි-20 ලෝක කුසලානය ද සිය කණඩායම කිසිදු ගැටළුවකින් තොරව ක්‍රීඩා කරනු ඇති බව ඔහු අවධාරණය කොට තිබෙනවා.

කෙසේ වෙතත් ශින්වාරිගේ මෙම ප්‍රකාශ පිටුපස සිටින්නේ ද තලේබාන්වරුදැ යි සමාජ ජාල ඔස්සේ බොහෝදෙනා ප්‍රශ්ණ කරමින් සිටිනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තයින්ට හසුවූ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායමට වෙන දේ!
ත්‍රස්තයින්ට හසුවූ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායමට වෙන දේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiermAfkODQ7tIlg97bCgsK5iqq59LpbORKhlpUp4MIwXhKR7M0xNbw-VKtRUi_nKiNryXQMfY3xuneJwSiChUZHPdVF360XUK-7eTs3sRH1n_aZwvCe44vtInmOsVYUcGltVKmV2M1y6S_/s320/ebda427d4d8469e451e65c7777e761f5_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiermAfkODQ7tIlg97bCgsK5iqq59LpbORKhlpUp4MIwXhKR7M0xNbw-VKtRUi_nKiNryXQMfY3xuneJwSiChUZHPdVF360XUK-7eTs3sRH1n_aZwvCe44vtInmOsVYUcGltVKmV2M1y6S_/s72-c/ebda427d4d8469e451e65c7777e761f5_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_371.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_371.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy