දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිවේගී මාර්ග සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණකරුවන් කවුද?
Homeප්‍රවෘත්ති

අධිවේගී මාර්ග සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණකරුවන් කවුද?

PropellerAds

පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3ව...

ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත් - චම්පික
කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්
කොරෝනා බෙහෙත බොන්න එපා.. සායනික පරීක්‍ෂණයකින් අනුමත වී නෑ - කොරෝනා ඇමතිනී

පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3වන අදියරේ කි.මී.1ක් සඳහා වියදම බිලියන 3.9ක් පමණයි. කිලෝමීටරයක වියදම  බිලියන 3කින් අඩුවෙලා තිබියත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතමුන් උත්සාහ කරනවා.

පසුගිය ආණ්ඩුව කාලේ අධිවේගී මාර්ග හදන්න කොන්ත්‍රාත් හිතුවා. දුන්නා. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුවයි. නමුත් අපේ රජය මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවා, නිසි ක්‍රමවේදයකටයි.

පසුගිය රජය සමයේ ඉදිකල කොට්ටාව - දොඩංගොඩ අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 9.6යි. නමුත් අවසානයේ වියදම බිලියන 21.4යි. දොඩංගොඩ සිට කුරුඳුගහ හැතැප්ම අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.3යි. නමුත් අවසානයේ වියදම බිලියන 26.3යි. කුරුඳුගහහැතැප්ම සිට පින්නදූව දක්වා අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.7යි. නමුත් අවසානයේ වියදම බිලියන  35යි.

අමාත්‍යාංශයේ කටයුතු පිලිබඳ විගනකාධිපතිවරයා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිලිතුරු දෙන්න අපි සූදානම්. නමුත් කිසිම හැකියාවක්, උගත්කමක් නැති මාර්ග පිලිබඳ ගණනය කිරීම් පිලිබඳ කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙකුට උත්තර දෙන්න අපි සූදානම් නැහැ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා

ගරු අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ අධිවේගී මාර්ග ව්‍යාපෘති පිලිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (09.20) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම පළමුවෙන්ම කියන්න ඕනා මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරය කාටවත් දීලා නැහැ. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව අපි ඒක දෙන්නේ ටයිසේ සමාගමට. එම තීරණය ගත්තේ කැබිනට් පත්‍රිකාවක් දාලා. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස ජපානයේ ණය වලින් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමෙන් පසු ජපානයෙන් මුල් වරට කොන්ත්‍රාත්කරුවන් 3 දෙනෙක් නිර්දේශ කෙරුවා. ටෙන්ඩර් ක්‍රියාවලියේ මුල් භාගයේ දී එයට සහභාගී වුනේ එක් සමාගමක් විතරයි. ටයිසේ සමාගමට ඊසා ඊදබා තිබුණේ නැති නිසා ඒක අවලංගු වුනා. නැවත අපි ටෙන්ඩර් කැදෙව්වා. එවිට ජපන් රජය ෆුජිටා සමාගමට ටෙන්ඩරයක් ඉදිරිපත් කරන්න කිව්වා. ජපන් රජය ෆුජිටා සමාමට අධිවේගී මාර්ග ඉදි කරන්න පුලූවන් කියලා අපිට ලිඛිතව ඉල්ලීමක් කලා. දෙවනි ලංසුවය ටයිසේ සහ ෆුජිටා සමාගම් තරඟ කෙරුවා. ටයිසේ සමාගමට වඩා ෆුජිටා සමාගම  බිලියන 12 ක් අඩුවෙන් ලංසුව දුන්නා. එම ලංසුවේ එක් කොන්දේසියක් නම් 3 කොටසට සමාන ව්‍යාපෘතියක් වසර 5 ක් තුල නිම කල යුතු බව. ෆුජිටා සමාගම මෙම ව්‍යාපෘති මීට පෙර සිදු කර ඇති නමුත් ඒවා වසර 5 කට කලින් . එම නිසා ෆුජිටා සමාගමේ ලංසුව ප්‍රතික්ෂේප වුනා. ෆුජිටා සමාගම ජපානයේ තිඛෙන විශාලතම සමාගමක්. ආර්ථීක කමිටුව සහ කැබිනට් මණ්ඩලය කොන්ත්‍රාත්තුව ටයිසේ සමාගමට ලබා දුන්නා. නමුත් තරඟකරන ලද සමාගම් දෙකේ කැමැත්ත මත , ජපානයේ කල සාකච්ඡා මත ටයිසේ සමාගම කැමැතිනම් ෆුජිටා සමාගම හවුල්කරුවෙක් ලෙස සම්බන්ධ කරගත හැකි බව ජපාන රජය අපිට දැන්නුවා ෆුජිටා සමාගමත් මෙයට සම්බන්ධ කරගත්තොත් හොදයි කියලා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ජනාධිපතිතුමාට මම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කලා  ටයිසේ සමාගමට කොන්ත්‍රාත්තුව දෙනවා , ටයිසේ සමාගමට කැමතිනම් ෆුජිටා සමාගම සමඟ හවුල්කරුවෙක් වෙන්න. 

පසුගිය ආණ්ඩු කාලයේ අධිවේගී මාර්ග හදන්න කොන්ත්‍රාත්තු හිතුවා දුන්නා. අපි මෙම ව්‍යාපෘතියට වසරකට පෙර සිට ටෙන්ඩර් කැදෙව්වා. අපිටත් තිබුණා පසුගිය ආණ්ඩුව වගේ මේක ෆුජිටා සමාගමට පමණක් දෙන්න නම්, ඒ අයගෙන් යොජනාව ගෙන්න ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමත කරගන්න. ගිය ආණ්ඩුව යම් කිසි සමාගමකට ටෙන්ඩර් එකක් දෙන්න වුවමනානම් කැබිනට් එකට ඉදිරිපත් කරලා අනුමත කර ගන්නවා කිසිම ටෙන්ඩරයක් නැතිවම.  දකුණු අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කලේ ඒ ක්‍රමයටයි. ටෙන්ඩර් කැදෙව්වාම මිල ගණන් අඩු වෙනවා. ටයිසේ සමාගම මුලින්ම මිල ගණන් ඉදිරිපත් කලේ බිලියන 159 යි. ෆුජිටා සමාගම මිල ගණන් ඉදිරිපත් කල නිසා ඒක බිලියන 148 අඩුවුනා. දෙවන වර සාකච්ඡා කරන විට ටයිසේ සමාගම තම ලංසුව බිලියක 134.9ක් ලෙස අඩු කලා. මෙතන කිසිම හොරයක් වෙලා නෑ. අපි ගත්ත තීරණය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථීක කමිටුවෙනුත්, ජනාධිපතිතුමා මූලාසනය දරන කැබිනට් මණ්ඩලයෙනුත්. දැන් මිල ගැන කතා කරනවානේ. කොට්ටාවේ ඉඳලා දොඩංගොඩට කොන්ත්‍රාත් එක පටන් ගත්තේ බිලියන 9.6ක් කියලා. අවසන් වුනේ බිලියන 21.4 කින්. දොඩංගොඩ සිට කුරුඳුගහ හැතැප්ම දක්වා කොටස ආරම්භ කලේ බිලියන 8.3 ක් කියලා. අවසන් වුනේ බිලියන 26.3කින්. කුරුඳුගහහැතැප්ම සිට පින්නදූව දක්වා ආරම්භ කලේ 8.7ක් කියලා. අවසන් වුනේ බිලියන 35කින්.

ඊයේ කතානායක තුමාගේ ප්‍රධානත්වයෙන් අපට සාකච්ඡාවක් තිබුණා පාර්ලිමේන්තුවේ.සභාපතිතුමාත් මමත්, විගණකාධිපතිවරයාත් එයට සහභාගී වුනා. විගණකාධිපතිවරයා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිලිතුරු දෙන්න අපි සූදානම්. නමුත් සමහර අය පුවත්පත් සාකච්ඡාවලට ගිහින් කියනවා මේ පාර මෙච්චරකට හැදුවා, අච්චරකට හැදුවා කියලා. මම අහන්නේ මේ අයට එA පිළිබඳ දැනුමක් තියෙනවාද? මාර්ගයක් තක්සේරු කරන්න හැකියාවක් තියෙනවාද? මම කථානායකතුමා ඉදිරියේදීම හඳුන්නෙත්ති මැතිතුමාගෙන් එA පිළිබඳව ඇහුවා මාර්ගයක් හදන්න යන වියදම් ගණනය කරන්න මොකද්ද එතුමාට තියෙන හැකියාව කියලා. විගණකාධිපතිවරයාට එA හැකියාව තියෙනවා. එතුමා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරු දෙන්න අපි සූදානම්. කිසිම හැකියාවක්, උගත්කමක් නැති, මාර්ග පිළබඳ ගණනය කිරීම පිළිබඳ කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙකුට පුළුවන්ද අපෙන් ප්‍රශ්ණ අහන්න? මම එA පිලිබඳව පැහැදිලිව කතානායකවරයාට දැනුම් දුන්නා. නමුත් ගණනය කිරීමට දක්ෂතාවයක්, හැකියාවක් නැති පුද්ගලයෙක් මාධ්‍ය ඉදිරියට ගිහින් මාධ්‍ය සාකච්ඡා 8ක් පවත්වලා තිඛෙනවා පසුගිය මාසේදි. මම හඳුන්නෙත්ති මැතිතුමාගෙන් ඇහුවා එතුමාට පාරක මිල තක්සේරු කරන්න පුළුවන්ද කියලා. එතුමාට බැහැ. විගණකාධිපතිවරයාට එA හැකියාව තියෙනවා. එතුමා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරු දෙන්න අපි සූදානම්.

දැන් බලන්න එකක පිරිවැය. මේ අය කියනවා අපේ කාලයේ මිල වැඩියි කියලා. පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘති - 03 කි.මීටරයකට පසුගිය රජය කාලේ මිල බිලියන 6.9යි. මධ්‍යම අධි.මාර්ගය-  ව්‍යාපෘතිය ව්‍යාපෘති - 03 3.9. මේවා තමයි නියම සංඛාලේඛණ. මධ්‍යම අධිවේගී මාර්ගය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාළේ 2000-2002 ආරම්භ කරන්නට හදපු මාර්ගයක්. එතුමා මැලේසියාවට ගිහින් ආධාරත් ඉල්ලූවා. නමුත් රජය පෙරළුනා.2005 මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කලා. මහින්ද රාජපක්ෂ පරාජය වුනා. එA පරාජය වීම නිසා මේ මාර්ගය අත්හැරියා. අදත් එක්සත් ජාතික පක්ෂයට තියෙන ඡන්ද නිසා මේ මාර්ගයට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. අපේ රජයට මේ මාර්ගය ෆුජීටා සමාගමට දෙන්න උවමනාව තිබුණා නම් පසුගිය රජය වගේ කැබිනට් පත්‍රිකාවක් දාල එAක කරන්න තිබුණා. නමුත් එහෙම නොකර අපි ටෙන්ඩර් කැෙඳව්වා. තයිෂෙ සමාගම 159 ක් ලංසු ඉදිරිපත් කළා. දෙවන වටයේ ෆුජීටා එක ආවා නිසා 147ට අඩු වෙලා අන්තිමේ 135ක් වුනා. මේ දළදා වඳින්න යන පාර. මේක කඩාකප්පල් කරන්න එපා. මහනායක ස්වාමීන් වහන්සේලා හමුව හැම අවස්ථාවකම උන්වහන්සේලා අහන්නේ මේ මාර්ගය ආරම්භ කරන්නේ කවදාද, අවසන් කරන්නේ කවදාද කියලා. මේකෙන් මුළු කන්ද උඩරටම ජාතික ආර්ථීකයට සම්බන්ධ කරන ව්‍යාපෘතියක්. මේකේ සතේකවත් හොරකමක් වෙලා නෑ. අපි තවම ටෙන්ඩර් එක දීලත් නෑ. සමහරු කියනවා අපි ටෙන්ඩර් එක ෆුජිටා සමාගමට දෙනවා කියලා. අපි ටෙන්ඩර් එක දීලා තිඛෙන්නේ ටයිසේ එකට . මෙම ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ජපාන රජයයි. ජපානය අපෙන් ඉල්ලීමක් කලා මේ සඳහා ෆුජිටා එක සම්බන්ධ කර ගන්න කියලා. ජපාන රජය අපෙන් ඉල්ලීමක් කලා මේ ව්‍යාපෘතියට ෆුජීටා සමාගමත් සම්බන්ධ කර ගන්න කියලා. ෆුජීටා සමාගමේ හැකියාව ගැන ජපාන රජය සහතික වෙලා තිඛෙනවා. 

අපි මෙම අධිවේගී මාර්ගයේ පලමු කොටස චීන සමාගමකට දීලා තිඛෙනවා. දෙවන කොටස හතරකට ඛෙදලා දේශීය කොන්ත්‍රාත් සමාගම් 4 කට දීලා තිඛෙනවා.  තුන්වන කොටස තමයි මේක. හතරවන කොටස ඉන්දියානු සමාගමක් පොරොන්දු වෙලා තිඛෙනවා ගලගෙදර සිට මහනුවරට හදන්න. යහපාලන රජය යටතේ අපි මාධ්‍ය වලට අයිතිය ලබා දීලා තිඛෙනවා අපෙන් ප්‍රශ්ණ කරන්න. නමුත් ඒවා සත්‍ය කරුණු මත පදනම් විය යුතුයි. 

මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානායක මහතා, මාර්ග සං.අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා, මාර්ග සං.අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වරණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිවේගී මාර්ග සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණකරුවන් කවුද?
අධිවේගී මාර්ග සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණකරුවන් කවුද?
http://ift.tt/2wB81ok
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_628.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_628.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy