මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ රක්ෂණ සමාගමක් එළඹෙන වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බව වාර්තා වේ. රජයේ නියා...
මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ රක්ෂණ සමාගමක් එළඹෙන වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බව වාර්තා වේ.
රජයේ නියාමන නිලධාරීන් මූලාශ්‍ර කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබෙන අතර මෙකී සෑම රාජ්‍ය සමාගමකින් ම, සියයට 10 බැගින් වූ කොටස් අයිතියක් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට සූදානම් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ ආරංචි මාර්ගවලට අනුව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුව වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන සමාගම් ත්‍රිත්වය බොහෝ දුරට මෙලෙස ලැයිස්තුගත කිරීමට අවස්ථාව ඇති බවයි.
කොටස් වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතාව ඉහළ නැංවීම හා කොටස් අලෙවිය තුළින් රජයට මුදල් රැස් කර ගැනීම මෙම කටයුත්තේ මූලික අරමුණ බව පැවසේ.
COMMENTS