නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් නාග...
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් බංගලා සහ විකල්ප තානායම් මෙන්ම පෑලියගොඩ මැනිං වෙළද පොලේ පිහිටි කඩ කාමර බදු පදනම මත ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලියින් රටවමින් මුදල් රැස්කරමින් සිටි වංචාකරුවෙක් සහ ඔහුට ඒ සදහා ආධාර හා අනුබලදුන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් වාණීජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුව ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව චලනි නැමැත්තියක් වන අතර පසුගිය මැතිවරණවලදී නාලක ගොඩහේවා ඇමතිවරයාට සහය දක්වමින් ගණේමුල්ල ප්‍රදේශයේ සංවිධාන කටයුතුවල නිරතවූ තැනැත්තියකි.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ උපදේශිකාවක් ලෙසද ඇය පත්කර තිබී ඇත. ඇය මෙම වංචාවට සම්බන්ධ බව දැනගත් වහාම ඇයව එම තනතුරින් ඉවත්කිරීමට අමාත්‍යාංශය වහාම පියවර ගෙන තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අනෙත් පුද්ගලයා ඇන්ටන් නැමැති රතිඤ්ඤා කම්හලක අයිතිකරුවෙකි.
ප්‍රධාන සැකකරු ප්‍රංශයේ ජීවත්වන වත්තල මාබෝලේ පිහිටි ප්‍රධාන පෙලේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුගේ ධම්මික නැමැති මස්සිනා බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ පුද්ගලයාගේ නම හා රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ නම එක හා සමාන බැවින් මෙම වංචාව ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා මේ සදහා ව්‍යාජ ලෙස සකස්කර යොදා ගෙන ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
මැනිං පොදු වෙළද පොලේ කඩකාමර සදහා ඔවුන් විසින් ව්‍යාජ ලෙස ඔප්පු පවා සකස්කර තිබී පොලීසියට හමුවී තිබේ.
-newsi.lk
COMMENTS