දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිස්ස අත්තනායක නිදොස්කොට නිදහස් කරයි !
Homeප්‍රවෘත්ති

තිස්ස අත්තනායක නිදොස්කොට නිදහස් කරයි !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම ...

“අපිට වැරදුණා... තනියම ඉල්ලන්න තිබුණේ” – දයාසිරි ජයසේකර
නැවතත් රට ලොක්ඩවුන් කරනවාද ?
කන්දකාඩුවට කොරෝනා ආ හැටි හෙලිවේ.. පොකුර අවසන් කරන හැටි රටේම දොස්තර කියයි
ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට  යම් අපහසුවක් හෝ පාඩුවක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයද සිටින බවත් මින් මතුවට විත්තිකරු මේ ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවටත් ප්‍රකාශ කර සිටියේය.

එම දැනුම් දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධය පළ කළේ නැහැ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ වගකිවයුතු පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එහි බරපතළ භාවය පිළිබඳ තේරුම්ගෙන ඒවා සිදු කිරීම වැදගත් වන බවයි.

කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන්  විත්ති සහ පැමිණිලි පාර්ශවය අතර යම් සංහිඳියාවක් ගොඩනැගී ඇති බවත් විත්තිකරු මෙම වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් සිදුවන බව පෙනී යන හෙයින් මෙම නඩුව අධිකරණයේ අභිමතය පරිදි අවසන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකාර තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම තුළින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක්ද දෙවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම මහත්මියද පෙනී සිටියහ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබූ අතර ඔවුන්ට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හතර වතාවක්ම සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් රාජකාරිමය හේතූන් මත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිස්ස අත්තනායක නිදොස්කොට නිදහස් කරයි !
තිස්ස අත්තනායක නිදොස්කොට නිදහස් කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZjxqy-Rhd0BLVzykAOUvK9xzu7PRSlYDVO6WNljLAbXiEXpMOgsqJHaPtzSfBfK4XFc8FElUlri7LPxvlEZeRdERmRllLcNRwry83KtXeDEsBQXq94srmRbblQlU35X_Fo7gi2_TYNxlk/s320/tissa-attanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZjxqy-Rhd0BLVzykAOUvK9xzu7PRSlYDVO6WNljLAbXiEXpMOgsqJHaPtzSfBfK4XFc8FElUlri7LPxvlEZeRdERmRllLcNRwry83KtXeDEsBQXq94srmRbblQlU35X_Fo7gi2_TYNxlk/s72-c/tissa-attanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy