21දා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පිපිරිම් සම්බන්ධයෙන් වරකාපොලදි සැකකරුවෙක් සහ ඔහුට අයත් සුඛපබෝගි වෑන් රථයක් ජංගම සන්නිවේදන උපකරණ 4ක් ඇතුලූ යතුරු පැ...
බුද්ධි අංශ නිලධාරින් හා වරකාපොල පොලිසිය එක්ව අගුරුවැල්ල පාරේ නිවසක් පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.
මේ අතර මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රදේශයේ මඩුල්බෝව පල්ලියක පූජකවරයෙක්ද අද 24 අලූයම බුද්ධි අංශ නිලධාරින් හා පොලිසිය එක්ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු ද වරකාපොලදි අත්අංඩගුවට ගත් සැකකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වු බවද සඳහන් වන අතර ඔහු ඩුබායි රටේ ආධාර ලබා ගෙන හෙම්මාතගම සහ ලංකාවේ ප‍්‍රදේශ රැසක බඩු බාහිර ආදිය දුප්පත් ජනතාවට බෙදා හදා දෙමින් සමාජ සේවකයෙක් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.
වරකාපොල හා මාවනැල්ල, හෙම්මාතගම, කෑගල්ල ප‍්‍රදේශ රැසක මෙ වන විට ආරක්ෂාව තර කර ඇති අතර ස්ථාන රැසක වාහාන පරික්ෂාවන් සිදු කරයි.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
COMMENTS