දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑසුත් නැතිව යයි
Homeප්‍රවෘත්ති

අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑසුත් නැතිව යයි

PropellerAds

ලාෆ්ස් සමාගම ගෑස් බෙදාහැරීම නතරවීම නිසා විකල්පයක් ලෙස ලිට්‍රො ගෑස් ලබාගැනීමට උනන්දු වූවද අද උදෑසන වනවිට ලිට්‍රෝ ගෑස් හිඟයක්ද රට පුරා මතුව...

අගරදගුරු හිමිපාණන්ගෙන් ඉල්ලීමක්
අලුතින් බස් 1000ක් ගන්න මුදලම ලංගම බස් අලුත්වැඩියාවට ඉල්ලයි?
දුප්පත්කමින් මිදෙන්නට වකුගඩු විකුණූ කඳුරට මිනිස්සු (PHOTOS)
ලාෆ්ස් සමාගම ගෑස් බෙදාහැරීම නතරවීම නිසා විකල්පයක් ලෙස ලිට්‍රො ගෑස් ලබාගැනීමට උනන්දු වූවද අද උදෑසන වනවිට ලිට්‍රෝ ගෑස් හිඟයක්ද රට පුරා මතුව ඇතැයි ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.
කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විට ලිට්‍රෝ ගෑස් තොග අවසන්ව ඇතැයි වාර්තා විය.
මේ නිසා ගෑස් හිඟය නිසා ඉවුම් පිහුම්වල නිරතවීමට නොහැකිව පාරිභෝගික ජනතාව අපහසුතාවලට ලක්ව තිබේ.අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන නමුත් එය විශ්වාස නැතැයිද වාර්තාවේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ කහ නිල් ඕනෑම පාටක ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ ගෑස් අලෙවිය සිදු කරන්නේ මෙකී සමාගම් දෙක පමණි.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මීට දින කිහිපයකට පෙර ගෑස් හිඟයක් මතුවිය හැකි බවට අනාවැකි පළකරමින් ඒ ගැන තැබූ සටහනක් පහත පරිදිය.

ලංකාවට පිටරටින් ගෑස් ගෙන්වන්නට ඩොලර් අවශ්‍යයි.  

ලාර්ෆ් සමාගම  පාරිභෝගිකයාට අඛණ්ඩව ගෑස් දෙන්න නම්, මාසයකට ඩොලර් මිලියන 7 ක ගෑස් ලංකාවට ගෙන්විය යුතුයි.  

පසුගිය සති තුන තුල ලාර්ෆ් සමාගම ලංකාවේ ආණ්ඩුවේ හා පුද්ගලික බැංකුවල ‘ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්‘ (ණයවර ලිපි නැතිනම් එල්සී) විවෘත කරන්නට උත්සහ කලා. නමුත් ලංකාවේ තියෙන ඩොලර් හිඟය නිසා ණයවර ලිපි විවෘත කිරීම සිදුව නැත.  

නිල්පාට ලිට්රෝ ගෑස් ගෙන්වන්නට මාසයකට තවත් ඩොලර් මිලියන 20 ක අවශ්‍යයි.  

මේ සමාගම් දෙකට අවම තත්වය යටතේ ඩොලර් මිලියන 30, උත්සව සමයේ දී ඩොලර් මිලියන 36 කට ආසන්න විදෙස් මුදල් නැතිනම් ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගන්න බෑ.

2021 වසරේ ගෙවල්වල ගෑස් ලිප් ටික නොදැවී පත්තු කරන්නම් අවම වශයෙන් ගෑස් මෙ.ටො. 400,000 ක් ගෙන්වන්න අවශ්‍යයි. ඩොලර් මිලියන 260 ක් (CIF) අවශ්‍යයි.

ලිට්රෝ සමාගමට අලුතෙන් සභාපතිවරයෙකු පත්වී තිබෙනවා. ඔහු කියනවා ලාෆ් සිලින්ඩර් වලට ලිට්රෝ සිලින්ඩර් නිකුත් කරනවා කියලා. අලුත් සභාපති ගේ දැනුම එයින් පේනවා. ආරියශීල වික්‍රමනායක මුන්ඩෝ කියලා ගෑස් සමාගමක් හදලා ඕනෑම ගැස් සිලින්ඩරයකට මුන්ඩෝ ගෑස් නිකුත් කලා.  නඩුවක් වැටුණා.  ආරියශීල පැරදුනා. සමාගම වැහුණා. කහ සිලින්ඩරයට නිල් සිලින්ඩරේ දෙන්න බෑ.  හිතුන හිතුන ගමන් මාරුකරන සභාපති ලා පව්!

අද ලාෆ් සමාගමට තියෙන ඩොලර් ප්‍රශ්නය හෙට ලිට්රෝ එකට එනවා.

බැංකුවල ඩොලර් එක රු 203 යි. කළු කඩේ අද ඩොලර් එකක් රු. 240 යි.

ඩොලර් නැති නිසා පොහොර නැවැත්තුවා. ගිය සතියේ අමාරුවෙන් තෙල් ටිකට සල්ලි ගෙව්වා.  දැන් ගෑස්වලට ගෙවන්න ඩොලර් බැංකුවල නෑ.
සලාක ක්‍රමයක් ලඟ ලඟම එනවා .....



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑසුත් නැතිව යයි
අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑසුත් නැතිව යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_eEuLbs-h5ermT8PbYZ9m1mB1VGp93zv1g0Tv2n4TgckgwnEbh3ppQqYUBNvxO9mWP4Grh5VGu1p3em62w46MCRyNkbPsh8CE48Fxe7bU5Meym-lxm0ZANfiOVxGHftrqVr55x3VfwJI/s320/468bbd4655747221b422536f70cd11bc_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_eEuLbs-h5ermT8PbYZ9m1mB1VGp93zv1g0Tv2n4TgckgwnEbh3ppQqYUBNvxO9mWP4Grh5VGu1p3em62w46MCRyNkbPsh8CE48Fxe7bU5Meym-lxm0ZANfiOVxGHftrqVr55x3VfwJI/s72-c/468bbd4655747221b422536f70cd11bc_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy