දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව

PropellerAds

ඊ.ඒ.පී. (EAP) සමූහ ව්‍යාපාරයට අයත් කොටස් නීතිවිරෝධි ආකාරයෙන් විකුණා දැමීම පිළිබඳ විමර්ශන අවසන් වීමටත් ප්‍රථම එම සමූහයට අයත් ස්වර්ණවාහිනී න...

ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)
අයවැය නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට
ගලේවල පෙරහැරේ කරඩුව ගෙන ගිය ඇතා කුලප්පු වෙයි! හිමිනමක් ඇතුළු 10ක් රෝහලේ - 3කට බරපතලයි (VIDEO)
ඊ.ඒ.පී. (EAP) සමූහ ව්‍යාපාරයට අයත් කොටස් නීතිවිරෝධි ආකාරයෙන් විකුණා දැමීම පිළිබඳ විමර්ශන අවසන් වීමටත් ප්‍රථම එම සමූහයට අයත් ස්වර්ණවාහිනී නාළීකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් පවතින බව ඊ.ටී.අයි. (ETI) ගනුදෙනුකරුවන්ගේ සමිතිය අනාවරණය කරයි.

ස්වර්ණවාහිනී ආයතනයට මෑතක් වන තුරු සම්බන්ධව සිටි ඉහළ නිලධාරියකුගේ සම්බන්ධීකරණයෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදුවීමට නියමිත බැවින් එය වහාම නතර කර ආයතනය රජයට පවරා ගැනීමට මැදිහත්වන ලෙසද එම සමිතිය රජයෙන් ඉල්ලා සිටී.

ස්වර්ණවාහිනී ආයතනය ඇතුළු ඊ.ඒ.පී. සමූහයට අයත් ව්‍යාපාර අලි රාජා සුබාස්කරන් නමැත්තා විසින් මිලදී ගැනීමේදී සිදුව ඇති නීතිවිරෝධි ක්‍රියා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකළ අතර ඊට අදාළ වාර්තාව 2021 මාර්තු 9 වැනිදා නිකුත් කර තිබේ. එම වාර්තාව මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර නීතිපතිවරයා විසින් සිය අවසන් නිර්දේශය ලබාදීමට ප්‍රථම මෙලෙස ස්වර්ණවාහිනිය නැවත විකුණා දැමීමට සූදානම් වන බව පැවැසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මීට පෙර සිදුවූ ගනුදෙනුවේදී ස්වර්ණවාහිනී ආයතනයේ කොටස්වලින් 39%ක් සිංගප්පූරුවේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය විසින් මිලදී ගෙන ඇති අතර ඉතිරි කොටස් 61% මිලදී ගෙන ඇත්තේ එහි මෙරට නියෝජිතයන් වන බෙන් ​හෝල්ඩිංග්ස් ආයතනය විසිනි. කෙසේ වෙතත් බෙන් හෝල්ඩිංග්ස් ආයතනය එම මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර ඇති සියලුම මුදල් විදේශීය සමාගමක් වන පෘතුගාලයේ ලියාපදිංචි පෙට්ගෝ කොමොර්ෂියෙන් වෙතින් ලබාගෙන ඇත. ඒ අනුව ස්වර්ණවාහිනියට යොදවා ඇති සමස්ත මුදල විදේශීය ආයෝජනයක් වන අතර එය මෙරට ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශීය හිමිකරුවකුට අලෙවි කළ නොහැකිය යන නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

නයන තරංග ගමගේ
-aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව
ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKb4ImcYQVYZOaaGwH-A9Ne43IUK36Su0YhYbE7kcODBFaNg8XlUIz35KQ0lIRrfTtAbt4C-o5rkVVEYRa3f1ee0tvxqDOPA5MakSsNiiyZH49USpS2UXqhz882Aq01acpnRp0F3vjOoQ/s320/sawarnawahini.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKb4ImcYQVYZOaaGwH-A9Ne43IUK36Su0YhYbE7kcODBFaNg8XlUIz35KQ0lIRrfTtAbt4C-o5rkVVEYRa3f1ee0tvxqDOPA5MakSsNiiyZH49USpS2UXqhz882Aq01acpnRp0F3vjOoQ/s72-c/sawarnawahini.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy