දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)

PropellerAds

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම...

දින 55 කුමන්ත්‍රණය හා පාස්කු ප්‍රහාරයේ ලින්ක් එක මොකද්ද? (VIDEO)
ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි
සුනාමියක් එන්නේ යයි අගුලානේ ජනතාව ගොඩබිමට දුවති…
ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබේ.

මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටියි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා දින 3ක පමණ කාලයක් ගතවන බවයි.

කෙසේ වෙතත් මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය.

මෙම නළය මඟින් රැගෙන යන්නේ දැවි තෙල් විශේෂයක් බැවින් වෙළදපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව එම සංස්ථාව පෙන්වා දුන්නේය.

අදාළ තෙල් නළ ඉතා පැරණි බැවින් ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීමට කාලය ගතවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසී ය.

තෙල් කාන්දුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ උස්වැටකෙයියාව සහ පමුණුගම වෙරළ තීරයටය.

ඒ හේතුවෙන් මුහුදු තීරයේ සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටියි.

මේ අතර ඉල්ලූම සහ සැපයුම අතර අසමබරතාව හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

බොර තෙල් බැරලයක මිල මේ වන විට සිව් වසරකින් ප්‍රථම වරට ඩොලර් 70 ඉක්මවා ඇති අතර, 2014 වසරේදී එය ඩොලර් 147 දක්වා ඉහළ ගියේය.

ගෝලීය දේශපාලන ප්‍රවනතා සහ ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදන රටවල් කිහිපයක නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)
ඉන්ධන හිඟයක්? තෙල් නළයක කාන්දුවෙන් පමුණුගම දක්වා වෙරළ තීරය විනාශයි (VIDEO)
http://am.lk/media/k2/items/cache/f88c93fc1b20bee7c2a340624051de67_S.jpg
https://i.ytimg.com/vi/25Fv-1KhlGU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy