පසුගිය මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම තත්ත්වය යටතේ දැ...
පසුගිය මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 10% කින් ඉහළ ගොස් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එම තත්ත්වය යටතේ දැන් පවත්වා මිලට ඉන්ධන ලබා දීම ජනතාවට ලබාදී ඇති සහනයක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මංගල සමරවීර මහතාගේ මිල සූත්‍රය අද ක්‍රියාත්මක වූයේ නම් මෙරට ඉන්ධන මිල මීට වඩා ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු පැවසීය.
පැවති එම මිල සූත්‍රය අනුව අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 179ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 134ක් විය යුතු යයිද ඔහු පැවසූවේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS