හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය 'මල් පොහෝට්ටුව' ලකුණ සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් ක...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය 'මල් පොහෝට්ටුව' ලකුණ සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කරන්නැයි රාජපක්ෂවාදීන් පිරිසක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ට ඇය සමග ගමින් ගමට යමින් රටපුරා කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට මෙසේ ඉල්ලුමක් ලැබී ඇත්තේ ඇයට මේදිනවල මාධ්‍ය හරහා ලැබී ඇති පුළුල් ප්‍රචාරය සැලකිල්ලට ගනිමිනි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබිණි.
ඒ හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය දෙක හමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරිණි.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවේ රගර් ක්‍රීඩක වසීම් තජුදින් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය සම්බන්ධයෙනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගෙන් එසේ ප්‍රශ්න කිරීම දේශපාලන පළිගැනීමක් බව පවසමින් ආධාරකරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොරටුව ඉදිරිපිට විරෝධතාවක නියැලුණහ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහාය පළ කරමින් "අපේ ජාතියේ අම්මට ජයවේවා", "අපිට ඕනෑ නීතිගරුක මහින්දගේ ආණ්ඩුවක්" යනුවෙන් ඔවුහු හඬ නැගූහ.
COMMENTS