යාපනය පේදුරුතුඩුව ඊශාන දිග මුහුදු තීරයේදී මතස්‍ය අභිජනන ස්ථානවලට හානි කරමින් නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 09 දෙනෙකු හා ඩිංගි යාත්...
යාපනය පේදුරුතුඩුව ඊශාන දිග මුහුදු තීරයේදී මතස්‍ය අභිජනන ස්ථානවලට හානි කරමින් නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 09 දෙනෙකු හා ඩිංගි යාත්‍රා 04 ක් උතුරු නාවික විධානයට අයත් නාවික සෙබලුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එදිනම මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ඩිංගි යාත්‍රා 03 ක් සමග නීතිවිරෝධීව අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 100 ක් පමණ හා දැල් ආම්පන්නද නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට හා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයන් වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS