විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව විවාහ කර්මාන්ත සේවා සපයන්න...
විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව පවසනවා. ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි කරමින් පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්, උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පිරිසක් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා,
“මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්. මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?. ණය ගෙවන්නේ කොහොමද? කියලා කවුරුත් අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ 150ක් වගේ ප්‍රමාණයකට විවාහ මංගල්‍ය උත්සවයක් කරන්න දෙන්න කියලා බොහොම සාධාරණ ඉල්ලීමක්.”
මෙසේ මාධ්‍යය හමුවක් පවත්වන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන බවත් තව දුරටත් ඉවසීමට අපහසු බවත් එසේ නොමැති නම් මසයකට ලක්‍ෂ 10 බැගින් සපයන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියා.

COMMENTS