ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය පත් වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ග...
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය පත් වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 25 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වු වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය තේරී පත්වීම විශේෂත්වයකි.
ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සදහා වන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී සඳහන් කළාය.
සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කරන බවට සුජාතා සේනාරත්න මහත්මිය පැවැසුවාය.
ශ්‍රි ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සහායත් මේ සදහා හිමිවන බැවින් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව බෝනොවන රෝග පාලන වැඩපිළීවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට හැකි බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය පැවැසුවාය.
විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ බිරිද වන අතර ඇය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ධූරයද හොබවයි.
මෙම උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරුන්ට, හිටපු ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට සමරුඵලක පිළිගන්වන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Dr Tedros Adhanom Ghebreyesus මහතා, කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ඇතුලු වෛද්‍ය පරිපාලකයින් රැසක් එක්ව සිටියහ.
COMMENTS