රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් ඊයේ (09) දින සව...
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් ඊයේ (09) දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
ඇය 31 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .
ඇය ඊයේ සවස 5.10 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. - 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි ඇය කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Chanel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , ඇය පිළිබඳව ඇති වූ සැකය මත , ඇය රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී , එහි වූ ව්‍යාජ පතුලක මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
එහි හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 08 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
මෙම අත් අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක , සහකාර රේගු අධිකාරීවරුන් වන රසික සමන්ජිත් , ශ්‍රී ලාල් විජේරත්න සහ අනිප්‍රියා ගුණවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජබීර් මහතා සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා විසින් පවත්වමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS