දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහල් පිරී යනවා.. වෛද්‍ය උපකරණ විශාල වශයෙන් උවමනායි.. පුද්ගලික පරිත්‍යාග ඉතා වැදගත් - සුදර්ශනී
Homeප්‍රවෘත්ති

රෝහල් පිරී යනවා.. වෛද්‍ය උපකරණ විශාල වශයෙන් උවමනායි.. පුද්ගලික පරිත්‍යාග ඉතා වැදගත් - සුදර්ශනී

PropellerAds

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමට අමතරව පුද්ගලික ධන පරිත්‍යාග ලබාදෙන්නැයි ක...

"අපි සටන් උපක්‍රමය ටිකක් වෙනස් කළා" - ලාල්කාන්ත
මහරගම නගරාධිපති පහර දුන් කම්කරුවන්ගෙන් සමාව ඉල්ලයි
උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්
කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමට අමතරව පුද්ගලික ධන පරිත්‍යාග ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සහ එංගලන්තයේ Medical Aid Sri Lanka සංවිධානය එක්ව කොවිඩ් ප්‍රතිකාර කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවේ රෝහල් 12කට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේදී සිදුවිය.

හලාවත මහ රෝහල, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය, යාපනය ශික්ෂණ රෝහල, කයිට්ස් රෝහල, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල, දඹදෙණිය මූලික රෝහල, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ශාරිපුත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය, මීරිගම මූලික රෝහල, මතුගම දිස්ත්‍රික් රෝහල, බිබිල මූලික රෝහල, කන්තලේ මූලික රෝහල යන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා රුපියල් මිලියන 08කට වැඩි වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර ඒ සදහා ICU Beds, Patient Monitors, Infusion pumps, Nebulizer masks, Pulse Oxymeters, Medical Oxygen Regulators, C Pac Machines ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත්විය.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා රෝගීන් විශාල වශයෙන් එක්වෙමින් තිබෙන මොහොතක රෝහල් පද්ධතියටද විශාල වශයෙන් වෛද්‍ය උපකරණ අවශ්‍යවෙමින් තිබෙන බවයි. ඒ සදහා රජය මැදිහත්වීම මෙන්ම පුද්ගලික ධන පරිත්‍යාග ඉතා වැදගත්වන බැවින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමත් එංගලන්ත මෙඩිකල් ඒඩ් ශ්‍රී ලංකා සංවිධානයත් එක්ව රටේ දුෂ්කර පළාත්වල රෝහල් සදහා අවශ්‍ය උපකරණ රාශියක් එම රෝහල්වල ඉල්ලීම අනුව ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඒ සදහා මැදිහත්වූ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මැතිතුමා ඇතුළු සියලු දෙනාට රජය පාර්ශවයෙන් තමන් ස්තුතිවන්ත වන බවයි.

පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ එම මොහොතේම අදාල රෝහල් වෙත ලබාදීමට කටයුතු කළ අතර ඒ සදහා මුලතිව් රෝහල වෙනුවෙන් වෛද්‍ය එව්.වන්නිආරච්චි මහත්මිය, යාපනය රෝහල වෙනුවෙන් වෛද්‍ය ශිවශංකර් මහතා, කන්තලේ රෝහල වෙනුවෙන් වෛද්‍ය ශාලිකා රූපසිංහ මහත්මිය, මීරිගම රෝහල වෙනුවෙන් වෛද්‍ය අධිකාරී වෛද්‍ය කේ.බී.සමරකෝන් මහතා, හලාවත රෝහල වෙනුවෙන් ඖෂධවේදී ඊ.එම්.පී.ඒකනායක මහත්මිය, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙනුවෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා ඇතුලු පිරිස එක්වූ අතර පරිත්‍යාග කටයුතු සදහා කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මහතා, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ඩී.ඩී වීරසේකර මහත්මිය, එහි භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය කල්යානි ගුරුගේ මහත්මිය, එහි කමිටු සාමාජික වෛද්‍ය ආනන්ද රණතුංග මහතා, බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහල් පිරී යනවා.. වෛද්‍ය උපකරණ විශාල වශයෙන් උවමනායි.. පුද්ගලික පරිත්‍යාග ඉතා වැදගත් - සුදර්ශනී
රෝහල් පිරී යනවා.. වෛද්‍ය උපකරණ විශාල වශයෙන් උවමනායි.. පුද්ගලික පරිත්‍යාග ඉතා වැදගත් - සුදර්ශනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVGWPcyfBbzD65-pp0spp_HMT7rxEjDDIZsHZHVaS84_i5PbZbImKg9yHnlglhTSuiHJiG6qX9pjF9V7LF0DSbqWJPDX9m-ediK5IWcr4BkNPg4fjcCgI1z-eTqSNUOKdW-DKMVkB3gDA/s320/sudarshani.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVGWPcyfBbzD65-pp0spp_HMT7rxEjDDIZsHZHVaS84_i5PbZbImKg9yHnlglhTSuiHJiG6qX9pjF9V7LF0DSbqWJPDX9m-ediK5IWcr4BkNPg4fjcCgI1z-eTqSNUOKdW-DKMVkB3gDA/s72-c/sudarshani.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy