මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුවට එල්ල කල ආකාරයට විවේචන මේ ආණ්ඩුවට තම පක්‍ෂය විසින් සිදු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම...
මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුවට එල්ල කල ආකාරයට විවේචන මේ ආණ්ඩුවට තම පක්‍ෂය විසින් සිදු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ ජනහමුවක් අමතමිනි.
මේ වන විට තම පක්ෂය සටන් උපක්‍රමය වෙනස් කර ඇති බවත් මේ ආණ්ඩුව විවේචනය කරන්නේ පක්‍ෂයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි ආපහු පොලු ගහන්නේ නැහැ අඹ ගස් වලට. පොලු ගැහුවම ගැටත් වැටෙනවා, අනික අපේ ඔඩොක්කුව ටිකක් පොඩියිනේ, අල්ලගන්න පුළුවන් ටිකයි. අනික් අය තමයි ඒවා ඇහිඳ ගන්නේ. ඒ නිසා අපි ආයේ පොලු ගහන්නේ නැහැ අඹ ගස් වලට. කෙක්කෙන් කඩන්නේ ගොට්ට දාලා. බැදුම්කරේ පැහිච්ච ගෙඩියක්නේ හොඳ. ඒක කඩලා ගත්තා. ඔහේ වැනුවේ නැහැ. හුඟක් අය අපිට කියනවා දැන් ජේ.වී.පී එක පාරේ නටන්නේ නැහැ, එහෙම අඩුයි. ඒක ඇත්ත. අපි අපේ සටන් ක්‍රියාමාර්ග එක්තරා ආකාරයකට වෙනස් කරලා තියෙනවා. අපි පහුගිය කාලේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට ගහගෙන ගහගෙන යනකොට යූ.එන්.පී එක අපේ කරේ නේ. අපිට හරි ආදරෙයි ඒ ගොල්ලෝ. ඇයි ඒගොල්ලොන්ට පුළුවන් අපි මහින්දගේ ආණ්ඩුවට පොලු ගහද්දි ගෙඩි ගොඩක් අහුලා ගන්න. දැන් මහින්ද මහත්තයා කැමතියි අපි ආවට ගියාට මේකට පොලු ගහනවා නම්, ඒගොල්ලොන්ට ඒ ගෙඩි ටික ඇහිද ගන්න. දැන් අපි ඒගොල්ලොන්ට ඇහිද ගන්නේ නැති වෙන්න තමයි ගෙඩි කඩන්නේ. මේක අවුල් කරන්නේ ජනාධිපතිවරණවලින්.”
COMMENTS