මහරගම නගර සභාවේ සභාපතිවරයා තමන් දණ ගස්වා පහරදුන් බවට පවසමින් එහි විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් වුණේ පසුගිය 7වනදාය...
මහරගම නගර සභාවේ සභාපතිවරයා තමන් දණ ගස්වා පහරදුන් බවට පවසමින් එහි විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් වුණේ පසුගිය 7වනදාය. පහර දීමට විරෝධය පළ කරමින් නගර සභාවේ සියලුම සේවකයින් එදින සිට සිය රාජකාරී කටයුතු වලින් ඉවත් විය.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් නගර සභා බල ප්‍රදේශයේ කසළ ඉවත් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඇනහිටි බවය.
සිද්ධිය සමථයකට පත් කර ගැනීම සඳහා ඊයේ පෙරවරුවේ නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර නගර සභා පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව පහරකෑමට ලක් වූ බව කියන විදුලි සේවකයින් සිව්දෙනා සභාපතිවරයාගේ නිල කාමරයේදී සභාපතිවරයා හමු වූ අතර සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා තමන්ගේ සමාව ඉල්ලු බවය.
කෙසේවෙතත් නගර සභා සභාපතිවරයා ටිරාජ් ලක්රුවන් මහතා පැවසුවේ මෙවැන්නකි.
“යථා තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඔවුන් අතිනුත් වරදක් වුණා. මමත් ඉතින් පොඩ්ඩක් කෑ ගැහුවා. අපි දෙගොල්ලොම සමාව ඉල්ලා ගත්තා. ඔවුන්ගේ පැත්තෙනුත් අපි බලපොරොත්තු වෙනවා මේ වගේ දේවල් මිට පස්සේ නොවෙන්න.”
COMMENTS