එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් පසු ඔහු විපක්ෂ නායක ධුරයට පත්වුණු ඇති බවට ඇතැමෙක් ගෙන යන රාවයට වෛද්...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් පසු ඔහු විපක්ෂ නායක ධුරයට පත්වුණු ඇති බවට ඇතැමෙක් ගෙන යන රාවයට වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පිළිතුරු දෙනවා.
ඒව බොරු කතා
"රනිල් වික්‍රමසිංහ කවුරුවක්වත් නැතුව තනියම ඇවිල්ලා පුටුවේ වාඩි උනා කියා එයාට විපක්ෂ නායකකම දෙනවද.ඒව බොරු කතා.සිහින."බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.
"වසර විසි ගණනක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා අන්තිමට තමන්ගේ ආසනයත් නැති වෙන විදිහට පරාද වුණා.එවැනි අය නායකයෝද.එවැනි පුද්ගලයකුට පුලුවන්ද පක්ෂයක් ගොඩ ගන්න" යන්න සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.
පක්ෂය වට්ටපු මිනිහා
"පක්ෂය වට්ටපු වික්‍රමසිංහ මහතාට ඉතා කෙටි කලක් තුළ හොඳට වැඩුණු සමගි ජන බලවේගය මුල් වූ විපක්ෂය ගොඩ ගන්න පුලුවන්ද.එහෙම ඉතිහාසයක් ගැන අහලා තියෙනවද."යයිද සේනාරත්න මහතා ප්‍රශ්න කරනවා.
විපක්ෂය තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකොට නැති කරගෙන තිබෙන ප්‍රතිරූපය යළි හදා ගැනීම සඳහා මහත්මයෙකු ලෙස කටයුතු කරන ලෙස මීට පෙරත් රාජිත සේනාරත්න මහතා වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා තිබුණා.
විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම එ.ජා.ප යේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු ඇතමුන් සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ විපක්ෂ නායක ධුරයට ලඟදීම රනිල් වික්‍රමසිංහ මහතා පත්වන බවට ඉඟි පලකරනවා.

COMMENTS