දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා..- ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..
Homeප්‍රවෘත්ති

අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා..- ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..

PropellerAds

විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව තම පක්ෂය විසින් ඉදිරිපත් කළ කිසිදු සංශෝධන යෝජනාවක් කාරක සභා අවස්ථාවට ඇතුළත් කරන බවට නීතිපතිවරයා විසින...

ඇමැති රංගේ බංඩාරගෙන් පොලිසියට පැමිණිල්ලක්
උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි
යාපනයේ මැතිවරණ පැමිණිලි 5ක්
විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව තම පක්ෂය විසින් ඉදිරිපත් කළ කිසිදු සංශෝධන යෝජනාවක් කාරක සභා අවස්ථාවට ඇතුළත් කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් යෝජනාවලියේ නැතැයි ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

අදාල ලිපියේ පිටපත් මාධ්‍ය යොමු කර ඇති අතර එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අගමැති කාර්යාලය,
කොළඹ.

ගරු අගමැතිතුමනි,

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී
ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු කොට ඇති යම් ප්‍රතිපාදන පිළිබඳව අප පක්ෂයේ නායකත්වය සහ සෙසු පක්ෂ නායකයන් මෙන්ම පොදුු මහජනතාව විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව සංවේදී වීම පිළිබඳව පළමුවෙන්ම අප පක්ෂයේ ප්‍රණාමය ඔබතුමාට පිළිගැන්විය යුතුය. ඒ අනුව ඔබතුමා විසින් පත් කරන ලද කමිටුවට අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම ද අපගේ ඇගයීමට ලක් වේ.

නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අප පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය.

අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ නැවත අවධාරණය කරමු.

1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.

2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.

3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බව ය. එය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගනු ලබන දේශපාලන ස්ථාවරයකි.

ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු.

ඔබතුමාට තෙරුවන් සරණයි!

මෙයට,
විශ්වාසී,

එස්. විජයසිරි,
ප්‍රධාන ලේකම්,
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්
2020-10-02 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා..- ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..
අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා..- ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLCdC5IxI4a7zrBuuhNNWpnM8KStrpD-3eg-3FNaCg3BCmAIRTjjKhquxEwXZ884uYsYY68qI6wk_DixlXreYdoCg8dm3v08f2tBFGCoFvN_zdUurFRv9c2ro5EXBN_H9ahIAwKheJy30/s320/20wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLCdC5IxI4a7zrBuuhNNWpnM8KStrpD-3eg-3FNaCg3BCmAIRTjjKhquxEwXZ884uYsYY68qI6wk_DixlXreYdoCg8dm3v08f2tBFGCoFvN_zdUurFRv9c2ro5EXBN_H9ahIAwKheJy30/s72-c/20wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy