දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!!
Homeප්‍රවෘත්ති

ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!!

PropellerAds

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පා...

වෘත්තීය සමිති මර්ධනය කිරීමේ වැඩක්?
බැසිල් එජාපය සමඟ ආණ්ඩුවක් පිහිටවන්න යයි
ප්‍රසිද්ධ කළ බැඳුම්කර වාර්තාව සැබෑ වාර්තාව නොවෙයි
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මෙම ඒකාබද්ධ කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ත්‍රස්තවාදී කණ්ඩායම් ඩිජිටල් හා අතථ්‍ය අවකාශය භාවිත කරමින් ඒ හරහා ඔවුන්ගේ අදහස් හා ආකල්ප ප්‍රචාරණය කළ හැකි සීමා වඩාත් පුළුල් කර ගැනීමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

සමාජ මාධ්‍ය හා අන්තවාදය වෙත පොළඹවාගැනීම වැළැක්වීම සහ අන්තවාදී සිදුවීම් නැවතත් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ දේශීය බලධාරීන් සතු අධීක්ෂණල විමර්ශන සිදු කිරීමේ බලතල ශක්තිමත් කිරීම සඳහාද නීති සම්පාදනය කිරීමට ද යෝජිතය.

ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීමල ප්‍රමිතීන් සහ රීතීන් සැලකිල්ලට ගනිමින් මෙම ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට හඳුන්වාදීම තුළින් එම සම්මුතීන්ට කිසියම් අපහාසයක් හා හානියක් සිදු නොවන බව තහවුරු
කරමින්, මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම මෙරට රජය සතු ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ වගකීම් තුළ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි පරිදි නව ත්‍රස්ත මර්දන නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් වෙයි.

අදාළ පනත අධ්‍යයනය කර සිදු කළ යුතු සංශෝධන යෝජනා කිරීම සඳහා ඉහත යෝජිත අරමුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීම සඳහා පත් කිරීමට යෝජිත අනුකමිටුවට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම අනුකමිටු වාර්තාව මාස තුනක කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවටද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇතැයි ‘අද’ පුවත්පත අනාවරණය කොට ඇත.

කෙසේවෙතත් පසුගිය සතියේදී යුරෝපා කොමිසම මගින්ද ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් විය යුතු බවට යෝජනා සම්මත කොට තිබිණ.

එසේ නොකරන්නේ නම් ජීඑස්පී ප්ලස් සහනය අහිමි වී යාමේ අවදානමක් පවතින බවද සදහන් විය.

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!!
ත්‍රස්ත පනත වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක්! කැබිනට් පත්‍රිකාව සූදානම්!!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg36twE97Rx6Q63oemsupcSxoFg4u7lKWjZldqlZGne0E3t1Dc37Zb5DUVaWR0wWiXsnXHHO-aEVNTaurvkWRNwwKuoZkUyankheX1TRyVIuGymwi2fA0QOKnzjeukDa7eLe2tmkFfO4Rg/s320/Ali-Sabry.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg36twE97Rx6Q63oemsupcSxoFg4u7lKWjZldqlZGne0E3t1Dc37Zb5DUVaWR0wWiXsnXHHO-aEVNTaurvkWRNwwKuoZkUyankheX1TRyVIuGymwi2fA0QOKnzjeukDa7eLe2tmkFfO4Rg/s72-c/Ali-Sabry.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_212.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_212.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy