දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘නැව ඈත මුහුදට ගෙන ගියහොත් වන්දි ලබා ගැනීම සදහා තිබෙන අවම අවස්ථාවද අහිමි වී යනු ඇත’ - පුබුදු ජයගොඩ
Homeප්‍රවෘත්ති

‘නැව ඈත මුහුදට ගෙන ගියහොත් වන්දි ලබා ගැනීම සදහා තිබෙන අවම අවස්ථාවද අහිමි වී යනු ඇත’ - පුබුදු ජයගොඩ

PropellerAds

කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව, මුහුදු බත් වීමේ අවදානමක් ඇති බැවින්, වහා එය ගැඹුරු මුහුදට ගෙන යන ලෙසට ජනාධිපතිවරයා ව...

නීතියේ ආධිපත්‍ය දුර්වල කිරීමක්! දුමින්දට දුන් නිදහසට එක්සත් ජාතීන්ගේත් අප්‍රසාදය!
නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා... දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක් - සමගි ජන බලවේගය
එ.ජා.ප ය විනාශ කළ කෙනාට පුළුවන්ද විපක්ෂ නායකකම කරන්න? රාජිත ප්‍රශ්න කරයි
කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව, මුහුදු බත් වීමේ අවදානමක් ඇති බැවින්, වහා එය ගැඹුරු මුහුදට ගෙන යන ලෙසට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය විවේචනයට ලක් කරමින්, පෙරටුගාමී සමාජවාදි පකෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

පුබුදු ජයගොඩ එම සටහනින් අනතුරු හගවා තිබෙන්නේ නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමත් සමග නැව ගිනි ගැනීමෙන් සිදු වූ හානිය සදහා වන්දි ලබා ගැනීමට ඇති අවම අවස්ථාවද ගිලිහී යනු ඇති බවයි.

පුබුදු ජාගොඩ ගේ ෆේස්බුක් සටහන පහතින්;

පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් ඉවතට රැගෙන යාමට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර අද රාත්‍රියේ නෞකාව ගෙන යාමට සූදානමක් පවතී. මෙය අතිශය විනාශකාරී තීරණයක් වන්නේ මේ නිසා සිදුවූ හානියට වන්දියක් ගැනීමේ අවම අවස්ථාව පවා අහිමි වන නිසාය.

නෞකාවේ රසායන ද්‍රව්‍ය කාන්දුවීමෙන් සහ ගින්නෙන් සිදුව ඇති හානිය මුදලින් ගණනය කළ නොහැකිය. නමුත් අවම වශයෙන් පාරිසරික හානියේ කොටසක් හෝ පුනරුත්ථාපනය සඳහාත් දකුණු හා බස්නාහිර ධීවර කර්මාන්තයෙන් යැපෙන සියල්ලන්ට වසරකවත් කාලයකට ජීවත් වීමට වන්දි ලබාදීම සඳහාත් අදාල නැව් සමාගමෙන් වන්දියක් ගත යුතුය. මෙම තීරණය නිසා ඒ අවස්ථාව අහිමි වේ.

මෙම සමස්ත ක්‍රියාවලියේදී සිදුව ඇති ප්‍රශ්නකාරී දේවල් ගණනාවක් තිබේ.

* එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රසායන ද්‍රව්‍ය කාන්දුවකින් හා ගිනි ගැනීමේ අවදානමකින් තිබියදී එය ලංකාවට ඇතුළු කිරීමට අවසර දුන්නේ ඇයි? ඒ සඳහා තීරණය ගත්තේ කවුද? (මේ සම්බන්ධයෙන් අදාල නෞකාව කොළඹ වරායට දැනුම් නොදුන් බව පැවසීම නිවැරදි නැත. දත්ත හා තොරතුරු වරායන් අතර හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුතියකට අනුව ඉන්දියාවේ වරාය එම දැනුම්දිම සිදුකර ඇත.)

* මෙවැනි රසායන ද්‍රව්‍ය කාන්දුවක් හෝ ගින්නක් වැළැක්වීමට ලංකාව පමණක් නොව ඉන්දියාව සතුවවත් තාක්ෂණය නොමැති තත්වයක් තුළ අදාල නැව ගෙන්වා ගත්තේ ඇයි? නැව ජාත්‍යන්තර මුහුදේ රඳවා ජාත්‍යන්තර විශේෂඥයන් කැඳවීමට පියවර නොගත්තේ ඇයි? නෞකාව ලංකාවට ඇතුළු වූ පසුවවත් විශේෂඥයන් සහ තාක්ෂණ උපකරණ සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා නොසිටියේ ඇයි?

* ජාත්‍යන්තර සම්මුතිවලට අනුව හා ලංකාවේ නීතියට අනුව නෞකාව හා කපිතාන් වරයා ඇතුළු ප්‍රධාන කාර්‍ය මණ්ඩලය අත්අඩංගුවට ගත හැකිය. එය නොකළේ ඇයි? එසේ නොකර නෞකාවට ලංකාවේ මුහුදු සීමාවෙන් පිට වීමට ඉඩ දීමෙන් වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව පවා අහිමි වේ. කලින් නිව් ඩයමන්ඩ් නැවෙන්ද ප්‍රමාණවත් වන්දියක් ලබා ගත නොහැකි විය.

* නෞකාව ඉවතට ඇදගෙන යන්නේනම් ඊට පෙර එහි ඇති ඉන්ධන වෙනත් නෞකාවක් භාවිතා කර හිස් කළ යුතුය. තවත් රසායනික බහාලුම් ඉතිරිව ඇත්නම් ඒවාද ඉවත් කළ යුතුය. එසේ නොමැතිව මෙලෙස අඩක් හානිවූ නෞකාව ඇදගෙන යාමේදී ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් තවත් ව්‍යසනයක් සිදුවේ. මේ තීරණය ගැනීමට ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කවුද? ඔවුන්ගේ යටි අරමුණු මොනවාද?

* නෞකාව ගිලී යාමට ඉඩ ඇති නිසා ඉවත් කරන බව ජනාධිපතිවරයා විසින් පැවසීම අර්ථ විරහිතය. ලෝකයේ කිසිදු රටක් එවැන්නක් කරන්නේ නැත. ගින්න නිවා අවසන් නම් වහාම ඉන්ධන හිස් කළ යුතුය. ඉන් අනතුරුව නෞකාව ගිලීමෙන් විශාල හානියක් සිදු නොවේ.

මේ තීරණය ගැනීමේදී නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුවීමේදී මෙන්ම කොමිස් වංචාවක ලකුණු තිබේද? වන්දි ගෙවීමෙන් මග හැරීම සඳහා අදාල නැව් සමාගමෙන් අල්ලස් ගැනීමක් සිදුව තිබේද?මේ ගැන පැහැදිලි කිරීමක් වහාම අවශ්‍ය වේ. නමුත් හෙටින් පසු කරන විග්‍රහ වලින් පලක් නැත. අද රාත්‍රී මේ නැවට ලංකාවෙන් ඉවත් වීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා හැම දෙනෙකුම මැදිහත්වීමක් කළ යුතුය. මේ ප්‍රශ්නය ගැන සංවේදී සියල්ලන්ගෙන් කිරීමට ඇති ඉල්ලීම එයයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘නැව ඈත මුහුදට ගෙන ගියහොත් වන්දි ලබා ගැනීම සදහා තිබෙන අවම අවස්ථාවද අහිමි වී යනු ඇත’ - පුබුදු ජයගොඩ
‘නැව ඈත මුහුදට ගෙන ගියහොත් වන්දි ලබා ගැනීම සදහා තිබෙන අවම අවස්ථාවද අහිමි වී යනු ඇත’ - පුබුදු ජයගොඩ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1sHNDvRLxXpfTEyp_Jyk2qxdKPNRbSE0MVboax5oO_G0HUsZgjJITMCt2-nWk6txklcEDzxTfWim-KN7hWwA9qx6Khw9vOfx06thhT6Gd5_r58i1xFro5mvAl0DEXiCadxhmKxHCrFN0/s320/pubudu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1sHNDvRLxXpfTEyp_Jyk2qxdKPNRbSE0MVboax5oO_G0HUsZgjJITMCt2-nWk6txklcEDzxTfWim-KN7hWwA9qx6Khw9vOfx06thhT6Gd5_r58i1xFro5mvAl0DEXiCadxhmKxHCrFN0/s72-c/pubudu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy