හිරු බලය වැඩසටහනට පැමිණි සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි තුෂාර ඉඳුනිල් මහතාගෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ගමන ගැන අ...
හිරු බලය වැඩසටහනට පැමිණි සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි තුෂාර ඉඳුනිල් මහතාගෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ගමන ගැන අසා පැමිණි දුරකථන ඇමතුමට තරමක් කේන්ති ගොස් ඇති ස්වභාවයක් පෙනන්නට වුනා. එලෙස ප්‍රශ්නය විමසු පුද්ගලයාට ඔහු සඳහන් කර සිටියේ රට ගිනි ඇවිලී තිබෙන වෙලාවේ තමුන්නාන්සේගේ ඔලුවේ කැකෑරෙන මේ කුණු ආසාව පිලිබඳ කණගාටු වෙන බවයි.
"තමුන්නාන්සේට තියෙන ලොකුම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහද? තමුන්නාන්සේ බෙල්ල වැල දාගන්නවා නම් හොඳයි ඔයිට වැඩිය. මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නෙත් නැහැ. අපිට ඕක අදාළ වෙන්නත් නැහැ. මම කණගාටුවෙනවා තමුන්නාන්සේ ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහපු එක ගැන." යනුවෙන් පැවසුවා.
එහිදී ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් සිනාසෙමින් සඳහන් කළේ රනිල් ගැන කියන්න බැහැනේ, ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේනේ කියලයි.

COMMENTS