දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරාපිටියේ කොරෝනා කරල ධම්මික පැණියේ දෙවන සංදර්ශනයක් - SLGAMOA (VIDEO)
Homeප්‍රවෘත්ති

කරාපිටියේ කොරෝනා කරල ධම්මික පැණියේ දෙවන සංදර්ශනයක් - SLGAMOA (VIDEO)

PropellerAds

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු වී කොරෝනා වෛරසයට ඖෂධයක් ලෙස කරලක් නිපදවා ඇති බව ප්‍රචාරය කිරීම ධම්මික පැණියේ දෙවන අවස්ථාව බව ශ්‍...

මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී - (VIDEO)
‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි - ගම්මන්පිල
මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි - ජනපති
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු වී කොරෝනා වෛරසයට ඖෂධයක් ලෙස කරලක් නිපදවා ඇති බව ප්‍රචාරය කිරීම ධම්මික පැණියේ දෙවන අවස්ථාව බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේය.

අද (07) දින එම සංගමය විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා සඳහන් කළේ කිසිම ආකාරයකින් එම ඖෂධය ආයුර්වේද දෙපාර්තම්නේතුවේ තාක්ෂණික කමිටුවේ අනුමැතියක් ලැබී නැති බවයි. 

කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා නොගත යුතු අතර බොහෝ දෙනෙකු නොදැනුවත්ව වුවද ශරීර තුළ බෝ නොවන රෝග පැවතිය හැකි හෙයින් එවැනි තත්ත්ව වලදී මෙවැනි ඖෂධ හරහා සිදුවන්නේ හානියක් බව සොයිසා මහතා කියා සිටියේය. 

වෘත්තීය ආචාර ධර්ම පවා නොතකා බටහිර වෛද්‍යවරු කිහිප දෙනෙක් විසින් දේශීය ඖෂධයක් නිපදවා මේ වන විටත් එය වෙළඳපොළට මුදා හැර ඇති නමුත් එවැනි අනුමැතියක් නොමැති ඖෂධයක් භාවිතා නොකරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

මෙවැනි මාෆියා තුළින් සිදුවන්නේ ජනතාව නොමඟ ගොස් ඔවුන්ගේ මුදල්, කාලය මෙන්ම සෞඛ්‍යය ද අනතුරට හෙළා ගන්නා බව යැයිද වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා පැහැදිලි කරන ලදී.

කොරෝනා සඳහා ලොව කොතැනක හෝ ආයුර්වේද හෝ බටහිර ඖෂධයක් නොමැති බවත් ඇත්තේ ප්‍රතිශක්තිකරණය ඇති කරන ඖෂධ පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

මේ අතර ධම්මික පැණිය සම්බන්ධයෙන්ද  ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස එය අසාර්ථක එකක් බවත් ඒ පසුපස දේශපාලන අරමුණක් පැවති බවත් සිය සංගමය පුන පුනා පැවසූ බවද සොයිසා මහතා කියා සිටියේය. 

දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ හා අමාත්‍යාංශයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා සිදු වූයේ මහජනතාවගේ කාලය,ශ්‍රමය, ධනය විනාශ වීමක් මෙන්ම කෑගල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය පවා අනතුරට හෙළුණු බව වෛද්‍යවරයා ප්‍රකාශ කරන ලදී. 

එහෙයින් එලෙස වගකීම් විරහිතව ක්‍රියා කර දේශීය වෛද්‍ය ක්‍රමයට කළ හානිය සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනාගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරාපිටියේ කොරෝනා කරල ධම්මික පැණියේ දෙවන සංදර්ශනයක් - SLGAMOA (VIDEO)
කරාපිටියේ කොරෝනා කරල ධම්මික පැණියේ දෙවන සංදර්ශනයක් - SLGAMOA (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivRmUlokW3Xk1hm4qmY52TAPjv2P9zmgz3JdM2B4eVaJxaq4CV_X_BRNt21zj3WjEZZxOqAgHotpK-gDD_n9_DjFOv4nrxUDBzFQ9FhB3GJadU7Mffl757U_5aa8-9XJPMsf4zJoDjKAg/s320/mmkl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivRmUlokW3Xk1hm4qmY52TAPjv2P9zmgz3JdM2B4eVaJxaq4CV_X_BRNt21zj3WjEZZxOqAgHotpK-gDD_n9_DjFOv4nrxUDBzFQ9FhB3GJadU7Mffl757U_5aa8-9XJPMsf4zJoDjKAg/s72-c/mmkl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/slgamoa-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/slgamoa-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy