යම් භාණ්ඩයක් ලංකාවේ නිපදවන මිලට වඩා අඩු මිලකට වෙනත් රටකින් මිලදී ගත හැකි නම් එය එසේ මිලදී ගැනීමට කටයුතු කිරීම විවෘත ආර්ථිකය හරහා සිදු වූ බ...
යම් භාණ්ඩයක් ලංකාවේ නිපදවන මිලට වඩා අඩු මිලකට වෙනත් රටකින් මිලදී ගත හැකි නම් එය එසේ මිලදී ගැනීමට කටයුතු කිරීම විවෘත ආර්ථිකය හරහා සිදු වූ බවත් අවසානයේ නිදහස් දා සුරතේ රැඳෙන ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කිරීමට සිදුවූ බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
ඒ අනුව නන්දා මාලනී මහත්මිය විසින් ගයන “කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ” ගීතය කොඩිය චීනගේ ඒත් කොඩි ගහ අපගේ ලෙස සංශෝධනය කළ යුතු ව ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.
මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට මුදල් නොමැතිනම් ණයට බඩු ගෙන ආවේ මතු පරම්පරාවට ඒ ණය ගෙවීමට ඉතිරි කරමින් බවත් වත්මන් ඩොලර් අර්බුදය, රුපියල් අර්බුදය හමුවේ හෝ මේ ජේත්තුකාර පුරුදු වලට තිත තැබිය යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
බලශක්ති අර්බුදය, වත්මන් දේශපාලන තත්වය ඇතුළු කාලීන මාතෘකා රැසක් පිළිබඳ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
සම්පූර්ණ වැඩසටහන පහතින්...
COMMENTS