දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව
Homeප්‍රවෘත්ති

ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව

PropellerAds

බැඳීම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද, තවත් කෙනෙකුට බැඳීම් යනු ජීවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි. කෙනෙකු රෝගි වූ විට තනිව සටන් කිරිමට නොහැක...

තෙල් සොයා ඇමැතිවරු ලෝකෙ වටේ යන සංචාරය ඇරඹේ!
විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරපු දවසේ දිනේෂ් අලුත් ජන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා! අස්සන් කරලා තියෙන්නේ පොහොට්ටුවයි-දේවානන්දයි විතරයි!
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
බැඳීම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද, තවත් කෙනෙකුට බැඳීම් යනු ජීවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි. කෙනෙකු රෝගි වූ විට තනිව සටන් කිරිමට නොහැකි අවස්ථා අනන්තය. බොහෝ දෙනෙක්ට තමන්ගේ සමිපතමයින් ඇස් පනාපිටම මිය යනවා බලාසිටින්නට සිදුව තිබේ. විශේෂයෙන්ම ජීවිත රැකගැනිමට කොරෝනා හා සටන්කිරිමට අප සියල්ලන්ටම සිදුව තිබේ.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රධන සිරස්තල යටතේ පළකරන ලද පුවතක් ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිත් කම්පා කළේය. අප්‍රියෙල් 24 වෙනිදා අග්‍රා, අවාස් විකාස්හි අංශ 7හි පදිංචි රේණු සිංගාල් නැමති කාන්තාව ඇගේ සැමියා වන රවී සිංගාල් (47) රැගෙන රෝහල් කිහිපයකට ගියේ තම ස්වාමියාගෙ ජීවිතය රැකගන්නටය. ඒ තම ස්වාමියාට කොරෝනා වෛරසය වැළඳී ඇති හෙයිනි. රෝහල් කිහිපයකින් ඇයව ප්‍රතික්ෂේප කළේය. අවසානයේ සරෝජිනි වෛද්‍ය විද්‍යාලයේ රෝහල SNMC වෙත රැගෙන යන අතරතුරදි හුස්ම ගන්නට අපහසු වුණේ නොසිතු ලෙසය.
ඒ රෝහල්වලින් ඔහුව ප්‍රතික්ෂේප කළේ ඉඩ ප්‍රමාණයට වඩා රෝගින් ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බැවිනි. මේ ප්‍රතික්ෂේප කිරිම් බරපතළ ලෙස රෝගාතුර වූ බොහෝ දෙනෙකුට අනතුරුදායක තත්වයක් උදාකොට තිබිණ. කිසිදු රෝහලකින් ගිලන් රථයක් පවා සොයා ගැනිමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. මේ නිසා ඇය තනියම ත්‍රිරෝද රථයක් රැගෙන රජයේ රෝහලක් වෙත තම සැමියාව රැගෙන ගෙනයාමට කටයුතු කළේ කිසියම් හෝ පිළිසරණක් පතාය. ඇය රෝහලක් සේව්වේ නොමළ ගේකින් අබ සොයන කිසාගෝතමියක් සේය. ඇය කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූවාය.

මේ ජීවිතයේ මා සමග දුකසැප බෙදාගත් මගේ ස්වාමියා කෙසේ නමි බේරාගන්නද කියා ඇය දහස් වරක් සිතන්නට ඇත. ඇය කිසිම පැකිලිමකින් තොරව ඇය කටින් කටට තබා හුස්ම ලබාදිමට උත්සහ කළාය. උකුල මත තිබූ මෙම සිරුර රැගෙන රෝහල් කරා ඇය පියනැගුවේ බලාපොරොත්තු සුන්වු තත්වයට පත්විමෙනි. ඇයව රෝහලෙන් ප්‍රතික්ෂේප කළේ ඔක්සිජන් සහ රෝහල් පහසුකම් ලබාදීමට නොහැකි තත්වයක් හේතුවෙනි. ඇය බොහෝ දෙනකුගෙන් උදව් ඉල්ලා සිටියාය. ඇගේ හිතෙහි කැකෑරුණු වේදනාව ඉතා දරුණුය. ඒ වේදනාව තේරුම් ගන්නට කෙනෙකු මිහිපිට සිටියේ නැත.

ඊළග මොහොතේ සැමියාගේ සිරුරේ සිටි කොරෝනා මාරයා තමන් වැළදගන්නා බව දැන දැනම ඇය කටින් හුස්ම දී උත්සාහය අතනොහැරියාය. අවසානයේදි පවා හුස්ම බිඳක් ලබාදිමට ඇය උත්සහ කළාය. ඇගේ උකුල මත ඔහු අවසන් හුස්ම හෙලුවේ ඇයද නොසිතු ලෙසය. එහෙත් ඇය අවසන් හුස්ම දක්වාම ඔහුව තනි නොකළාය. රෝහල වෙත රැගෙන ගියත් ඔහු මියගොස් ඇතිබව :ීභඵක්‍* රෝහලේ වෛද්‍යවරු පවසා සිටියහ.

තම ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම ගැන පවා ඇය සිතුවාය. විවාහ වූදා සිට දුක සැප බෙදාගත් මේ තමන්ගේ ස්වාමි පුරුෂයා බව ඇයට සිතෙන්නට ඇත.

සැමියෙක් යනු බිරිදකගේ දෙවියෙක් වැනිය. ඇය තම සැමියාව සැපෙහිදි මෙන්ම දුකේදීද ජීවිතය පරදුවට තබා ආරක්ෂා කිරීමට උත්සාහ කළාය. ඒ සැබෑම ආදරයේ අරුතයි.

බොහෝ දෙනෙකුට ඇය මෝඩ ගැහැනියක් ලෙස පෙනුනද ආදරයේ සැබැ අරුත ඇය ලෝකයටම පෙන්නුවාය. ඇයවද අද කොරෝනා මාරයා වැළඳගෙන තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇගේ ජීවිතයේ හෙට දවස පිළිබඳ තිරණය කෙසේ විසදෙයිද කියා අප කාටවත් කිව නොහැක. බුදුදහමට අනුව මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව අප තේරුම් ගතයුතුය.

බොහෝ දෙනෙකුට මුදල් තිබුණද රෝහලක් සොයාගැනිමට නොහැකි තත්වයට මේ වන විට ඉන්දියාව පත්ව තිබේ. අපටද මෙයින් තේරුම් ගැනීමට බොහෝ දේ තිබේ. ඒ මුදල්වලටත් මේ ලෝකේ කරන්නට බැරි දේවල් ඇති බවය. ආදරණිය බැඳීමක් කවදාවත් මුදල්වලට ගන්නට නොහැක. බැඳීම් ජීවිතයේ දුකක් විය හැකි වුවත් ඒ බැදිම්වලට ජීවිතයේ සාධාරණයක් ඉෂ්ඨ කළ යුතු බව රේණු සිංගාල් අපට ඉගැන්නුවාය.

මේ අතර ඉන්දියාවේ මිහිපිට දෙවියෙක් වැනි පුද්ගලයෙක් පිළිබදවද අපට දැනගන්නට ලැබිණ. ඒ මුම්බායි නුවර Shahnawaz Shaikh නමින් ජීවත්වන අවුරුදු 32ක තරුණයෙක් පිළිබඳවය. ඔහු තම ත්‍දරා ෑබාැ්ඩදමර රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔක්සිජන් ටැංකි මිලදී ගෙන ජනතාව බේරාගැනිමට උපකාර කළ බව පසුගියදා වාර්තා විය. ඔහු තම මිතුරන් සමග එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට යළි ජීවය ලබාදීමට පියවර ගෙන තිබිණි.

ඔහුට මෙම උතුම් ක්‍රියාවට සිත යොමුවී ඇත්තේ, මාස 6ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් පහකින් ඔක්සිජන් නැතැයි කියා හරවා යවා තිබීම නිසාය. ඒ හේතුවෙන් ඔහු ඉදිරිපිටදී ඇය මියගියේ ත්‍රිරෝද රථයක් තුළදීය.
එයින් අතිශය කම්පාවට පත් ඔහු තම මෝටර් රථය විකුණා ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට කටයුතු කර තිබිණ.

ඉන්දියාවේ ඔහු දැන් “ඔක්සිජන් මෑන්” යනුවෙන් හඳුන්වයි. ඔහු විසින් දැනට ඔක්සිජන් නොමැතිව මරණයට ලක්වීමට සිට බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950කි.

ඒ සියලු දෙනාම රෝහල්වලින් දංහටැබ නොමැතිව හරවා යැවු රෝගින් බවද දැනගන්නට ඇත. මෙවැනි සත්පුරුෂයින් රටට කොතරම් සම්පතක්ද? ඔවුන් ලෝකයටම ආදර්ශයකි.

අද ඉන්දියාව හරියට විසාලා මහනුවරක් වැනිය. හෙට දවසේ අප රටටද නිසි නිරෝධායන නීති පිළිපැදිම් නොකළහොත් මෙවැනි තත්වයක් උදාවන බව නොඅනුමානය.

අපේ මේ පුංචි රටේ සියල්ලන්ගේම වගකිම ඉටුකර ආරක්ෂා වෙමු. අප කාගේත් හෙට දවසේ බලාපොරොත්තුව මේ කොරෝනා වෛරසය නිමාවී පිරිසිදු දේශයක් ළගාකර ගැනීමය. අප රටට මෙවැනි තත්වයක් උදානොවේවායි අපි දස දහස් වාරයක් ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා
-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව
ජීවිතේ නැතිවුණත් ‌කොරා්නාවට නොපැරදුණු ආදර කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_hPvb1vB7nSe37P2GhbnR91xaj3IXC5kgui9XpJ995ZDN6187yUYipauBGrPdENtDOWzTUCcPSIgwbH6lndCq4RVOszpqAU4v-uHzK2x33uJkPhpTu7U3BsNoQOpTQwrH_zYuNU-iXek/s320/indi-story.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_hPvb1vB7nSe37P2GhbnR91xaj3IXC5kgui9XpJ995ZDN6187yUYipauBGrPdENtDOWzTUCcPSIgwbH6lndCq4RVOszpqAU4v-uHzK2x33uJkPhpTu7U3BsNoQOpTQwrH_zYuNU-iXek/s72-c/indi-story.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy