විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී සූදු ක්‍රීඩාව දෙස බැලුවේ සාරධර්ම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් වන නමුත් ජාතික ජනබලවේගය ...
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී සූදු ක්‍රීඩාව දෙස බැලුවේ සාරධර්ම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් වන නමුත් ජාතික ජනබලවේගය රටේ පාලනය භාර ගත් නිසා සූදු ක්‍රීඩා පවතින වත්මන් යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ (NPP) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා, සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.
රටේ පවතින සූදු ක්‍රීඩා නිවැරදිව නියාමනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීම ආණ්ඩුවක මූලික වගකීමක් බව ඔහු ප්‍රකාශ කළේය.
කැමති වුවත්, නැති වුවත්, මෙම වගකීමෙන් මිදිය නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙල,අකමැති වුවද, රට තුළ පවතින සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා බව අබේසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙය සමස්ත ජනතාවගේ යහපත උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් බවත් ඔහු අවධාරණය කළේය.
COMMENTS