දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රජයෙන් පොලිසියට බලපෑම් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි… එහෙම තියෙද්දිත් නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දැඩි පියවර ගන්නවා… පොලිස්පති කියයි!

මේ වනවිට රජයෙන් පොලිසියට ඇති එකම බලපෑම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස සිදුකරන බලපෑම පමණක් බවත් මේ වටපිටාව තුළත් නීතිය ක්‍රියාත්මක නොකෙ...

මේ වනවිට රජයෙන් පොලිසියට ඇති එකම බලපෑම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස සිදුකරන බලපෑම පමණක් බවත් මේ වටපිටාව තුළත් නීතිය ක්‍රියාත්මක නොකෙරෙන්නේ නම් එය පොලිසියේ දුර්වලතාවයක් බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය. අපරාධ මගහැරීම සඳහා කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොලැබෙන බව අවධාරණය කළ පොලිස්පතිවරයා එවැනි වටපිටාවක් තුළත් නීතිය ක්‍රියාත්මක නොකරන දුර්වල නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කීවේය.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද උදේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යය ඉදිරියේ අදහස් දක්වමිනි.

පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

“පොලීසියට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව වැඩ කරගෙන යෑමට හැකි පරිසරයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.    කිසිම අපරාධයක් හංගන්න, නොසලකා හරින්න, විමර්ශනය නොකර ඉන්න පහළ නිලධාරීන්ට මගෙන් කිසිදු අවස්ථාවක  උපදෙස්  ලැබෙන්නේ නැති නිසා නිලධාරීන්ට රාජකාරිය පැහැර හැරීමක් කරන්න බැහැ. අතීතයේ එහෙම දේවල් වූ බව අපි දන්නවා. ඒ නිසා තමයි අපරාධකරුවන් නිදැල්ලේ හිටියේ. මේ දේශපාලන පරිසරයත් එක්ක ශ්‍රී ලංකා පොලීසියට වැඩ කරන්න බැරිනම් මම හිතන්නේ ඒක පොලීසියේ දුර්වලතාවක්. අපි ඒක තේරුම් ගෙන දුර්වල නිලධාරීන්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග නොපමවා ගන්නවා. “

“පොලිස්පති ලෙස පත්වීමෙන් පසු මහජනතාව පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදුන් වට්ස්ඇප් අංකයට එක් දිනක දී පැමිණිලි 2000 ක් විතර ආවා. මහජනතාව කියා ගන්න බැරි සහ පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත්ත පැමිණිලි විශාල සංඛ්‍යාවක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. පැමිණිලි 2000 ක් සඳහා දිනයකින් දෙකකින් ක්‍රියාමාර්ග ගන්න බැහැ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් සිටිනවා. ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලිකරුට ඉක්මනින් පිළිතුරක් ලබා දෙනවා. මේ ආකාරයෙන් පැමිණිලි නොලැබෙන්න කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පහළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. “

“පොලීසියේ  උසස් වීම් 2020 සිට නතර වී  තිබුණා. උසස්වීම් ලබාදීම සඳහා අවශ්‍යය පටිපාටිය අපි සම්මත කර ගත්තා. ඒ සම්බන්ධයෙන් අවශ්‍යය මූලික එකඟතාව ජාතික පොලිස් කොමිසමෙන් ලබා ගත්තා. අපි ඉදිරි මාසය ඇතුළත මේකට සාධනීය පිළිතුරක් ලබා දෙනවා. 2020 සිට උසස් වීම් සඳහා සුදුසුකම් ලබන නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වය, කුසලතා හා  තරඟ විභාග ආකාරයෙන් කරන උසස් වීම් ලබා දෙනවා. මුලින්ම ජ්‍යෙෂ්ඨතාව පදනම් කරගෙන කරන උසස් වීම් ලබා දෙන්න අවශ්‍යය කටයුතු මේ වනවිට  සූදානම් කරමින් ඉන්නවා.”

පොලිස්පතිවරයා පැවසුවේ පසුගිය වසර තුනේ දී බඳවා ගැනීම් අත්හිටවූ නිසා පොලිසියේ නිලධාරින් තිස් දහසක හිඟයක් ඇති බවත් එම හිඟය ක්‍රමානුකූලව මගහරවා ගන්නා බවත්ය. මේ වසරේ නිලධාරින් 5000ක් ද ඉදිරි වසරේ තවත් නිලධාරීන් 10000ක් ද බඳවා ගැනීමට නියමිත බව පොලිස්පතිවරයා කීවේය.
-lankasara

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයෙන් පොලිසියට බලපෑම් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි… එහෙම තියෙද්දිත් නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දැඩි පියවර ගන්නවා… පොලිස්පති කියයි!
රජයෙන් පොලිසියට බලපෑම් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා විතරයි… එහෙම තියෙද්දිත් නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දැඩි පියවර ගන්නවා… පොලිස්පති කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia8mTbt64kV8bDJWLVMhtvIztIFqhDiyPE_ANgwz1-e_hIEm_Gc97vAelXvmgroQk9ASusAUmbl2izn8rXdKCfvKhwnex92n3q4q5sYWN0YhTdZi51l2gGnlPX9IGxSx9i8Y4-Y2uh_nAp_zCmTOJvvOqcurdYOHEfVKJKYzDa_rTbntTAZTkfMnwPd8x4/s320/PriyanthaWeerasooriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia8mTbt64kV8bDJWLVMhtvIztIFqhDiyPE_ANgwz1-e_hIEm_Gc97vAelXvmgroQk9ASusAUmbl2izn8rXdKCfvKhwnex92n3q4q5sYWN0YhTdZi51l2gGnlPX9IGxSx9i8Y4-Y2uh_nAp_zCmTOJvvOqcurdYOHEfVKJKYzDa_rTbntTAZTkfMnwPd8x4/s72-c/PriyanthaWeerasooriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy