මේ දිනවල ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ දේශපාලනඥයින්ද තරගයට මෙන් කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටී. එම පෝ...
මේ දිනවල ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ දේශපාලනඥයින්ද තරගයට මෙන් කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.
හිටපු කථානායකවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ කරු ජයසූරිය මහතා මේ වන විට යුරෝපා රටවල් තුනකින් එම රටවල අතිරික්තව තිබෙන එන්නත් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස විශේෂ ඉල්ලීමක් කොට තිබෙන බවය.
ඊට යහපත් ප්‍රතිචාරද ලැබී ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ඉදිරි සති කිහිපයේදී අදාල එන්නත් මාත්‍රා විශාල තොගයක් මෙරටට ලැබෙනු ඇති බව පෙන්වා දෙයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයාද වන කරු ජයසූරිය මහතා ස්විට්සර්ලන්තය , ප්‍රංශය සහ ජර්මනිය යන රටවලින් මෙසේ එන්නත් ආධාර ඉල්ලා ඇති අතර එම ආධාර කොවැක් ප්‍රදානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ජයසූරිය මහතාගේ ඉල්ලීමට අනුව ජර්මනියෙන් පමණක් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් පමණ ලබා දීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය මෙතෙක් ලබා දෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව නිවේදනය කොට නොමැති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විදේශ රටවල් කිහිපයක තානාපති අංශ සමඟ සාකච්ඡා කොට කෝවිඩ් - 19 මර්දන එන්නත් මෙරටට ලබා දීමට පියවර ගෙන තිබුණ බව සමගි ජන බලවේග මාධ්‍ය අංශය විසින් මීට පෙර ප්‍රකාශ කොට තිබුණි.
- ඒෂියන් මිරර්

COMMENTS