දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තුම්මුල්ලේ හෝම් ලෑන්ඩ්ස් 'පෙන්ටාරා ව්‍යාපෘතිය සම්බන්ධ සැක ගොඩක්; ඒ අතරට නඩුවක්

හෝම් ලෑන්ඩ්ස් ආයතනය විසින් තුන්මුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් 40 කින් යුත් 'පෙන්ටාරා' මහල් නිවාසවල වැඩ ආරම්භ කිරීමටත් පෙර එම...

හෝම් ලෑන්ඩ්ස් ආයතනය විසින් තුන්මුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් 40 කින් යුත් 'පෙන්ටාරා' මහල් නිවාසවල වැඩ ආරම්භ කිරීමටත් පෙර එම සමාගම පාරිභෝගිකයාට පොරොන්දුව සිටින 'සිහින ජීවන රටාව' මේවන විට නීතිමය බියකරු සිහිනයක් බවට පත්වෙමින් ඇතැයි වාර්තා වේ.

කලකට පෙර BBC යේ හා on Reuters හි කොළඹ වාර්තා කරුවූ දැනට කැනඩාවේ වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන රංග ශ්‍රී ලාල් මහතා ඔහුගේ X ගිනුමේ සටහනක් තබමින් මේ බව කියා සිටී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයෙකු ලෙසට සැලකෙන සහරාන් හෂීම් විසින් භාවිතා කළ ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 රථය එවකට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් භාවිත කරනු ලබන බවට ආන්දෝලනාත්මක මාධ්‍ය වාර්තාව සපයනු ලැබුවේද ඔහු විසිනි.

හෝම් ලෑන්ඩ්සි හි මේ ව්‍යාපෘතිය විසින් කලාපකරණ රෙගුලාසි උල්ලංඝනය කරන බව පවසමින් ක්ලැසන් පෙදෙසේ පදිංචිකරුවන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය 2017 වසරේ දී  බ්ලූ මව්න්ටන් සමාගම විසින් Achilleion නමින් කොළඹ බම්බලපිටියේ ආරම්භ කරන ලද තරු 7 සුඛෝපභෝගී මහල් නිවාස සහ කාර්යාල සංකීර්ණයක් හා සමාන තරමක අවිනිශ්චිත එකක් බව ආර්ථික ප්‍රවීනයෝ කියා සිටී.

එය  මහල් 50 කින් යුත් ගොඩනැගිලි දෙකකින් සමන්විත වූ අතර 2017 තායිලන්තයේ පැවැති ආසියානු පැසිෆික් දේපළ සම්මාන උළෙලේදී ආසියා-පැසිෆික් කලාපයේ ඉහළම මහල් නිවාස සංකීර්ණ තුනෙන් එකක් ලෙස පවා පිළිගැනීමට ලක් විය. 

මහල් නිවාස කලින් වෙන්කරවා ගත් අයට ඩුබායි නගරයේ තරු හතේ සුඛෝපභෝගී සංචාරයක් පවා පිරිනැමීය. 

මේ සංදර්ශන අනුව මෙහි  නිවාස  ලබාගැනීම වෙනුවෙන් ගැණුම්කරුවන් විශාල පරිමාණයෙන් එක් වූ අතර, කෙටි කලකින්  600 කට අසන්න වූ නිවාස වලින් අඩක් පමණ ව්‍යාපෘතිය ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර අළෙවි කරගැනීමට බ්ලු මව්න්ටන් සමාගම සමත් විය.  

නමුත් මෙම ව්‍යාපෘතියේ ඉදිකීරීම් සිදු වූයේ අලංකාර කාඩ්බෝඩ් අකෘතියක් ලෙස පමණි.  බ්ලු මව්න්ටන් හිමිකරුවෝ රුපියල් බිලියන සිය ගනනක් කොල්ල කාගෙන  රටින් පැන ගියේය.  

අදටත්, ඔහු හා ඔහුගේ පවුල සැඟව සිටින අන්තයක් කිසිවකු නොදනී.

කෙසේවුවද, ඔහු අයථා ලෙස රැස් කළ මුදල් අදටත් ඇතැම් දේපල වෙළඳාම් සමාගම් තුළ සැරි සරණ බවද පැවසේ.

මේ දිනවල කොළඹ තුන්මුල්ල හංදියේ එහෙම ලොකු වළක් හාරමින් තිබෙ අතර ඒ හෝම් ලෑන්ඩ්ස් හි  'පෙන්ටාරා' මහල් නිවාස ව්‍යාපෘතියට බව මේ වන විට බොහෝ දෙනෙකු දනියි.

පසුගිය මාසයේ දී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉන්දියාවේ ජනප්‍රිය සිනමා තරුවක් වන ජැකලින් ෆර්ඩිනැන්ඩස්ය. 

ඇය මෙම ව්‍යාපෘතියේ  සන්නාම තානාපතිනිය වන බවටත් හැඳින්වීමක් කර තිබිණි. 

හෝම්ලෑන්ඩ්ස් සමාගමේ නිවේදනයන් අනුව  'Pentara Residencies  තුංමුල්ල හංදිය' නමින් වන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මිළ දී ගත්තාය කියන අක්කරයක පමණ ඉඩම මිළ දී ගැනීමට පර්චස් 1 කට රුපියල් මිලියන 29  (කෝටි 2.9 )  බැගින්  රුපියල් බිලියන 4.5 ක ( කෝටි 450 ක) පමණ දැවැන්ත මුදලක් මේ වෙනුවෙන්  වැය කර  තිබේ. 

ඒ අනුව මේ දින වල පවතින  සාමාන්‍ය වෙළඳපොළ මිළ ගනන් වලට වඩා අධික මුදලකට මේ මිළ දී ගැනීම සිදු කර ඇත.  

එහි දී  කුලුනු 2ක මහල් 40 ක අධි සුඛෝපභෝගී නිවාස සිය ගනනක් ඉදිවන බවත් ඒවා මිළ දී ගැනීමට ජනතාවට ආරාධනා කිරීමත් සිදුවිය.  

මෙහි අවම වටිනාකමින් යුත් කුඩාම නිවසත් රුපියල් කෝටි 7 ක පමණ වේ. 

දැනගැනීමට ඇති පරිදි මේ වන විටත් මෙම නිවාස ලබාගැනීමේ අපේක්ෂාවෙන් සෑහෙන පිරිසක් අත්තිකාරම් හෝ සම්පූර්ණ මුදල ගෙවීම් කර ඇත. 

නමුත් තවමත් මෙම ව්‍යාපෘතිය නියත වශයෙන්ම සිදු වෙනවාද නැද්ද යන්න ගැන හෝ පවතින්නේ බරපතල සැකයකි.  

මේ අතර, මේ ඉඩම මිළ දී ගැනීම සඳහා දැවැන්ත මුදලක් ආයෝජනය කළේ ජැකලින් ෆර්ඩිනැන්ඩස් බවට ද සමාජ මාධ්‍ය තුළ කතා බවහක් පැවැතිණි.  

ඇය මේ වන විටත් ඉන්දියාවේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඇතිව චෝදනාවට ලක් වී ඊට අදාල නඩු කිහිපයකට මුහුණ දෙමින් සිටින්නියකි. 

අනෙක් හේතුවක් වන්නේ මෙම හෝම්ලෑන්ඩ්ස් හිමිකරුවන්ගේ ව්‍යාපාරික කටයුතු වල ස්වභාවය  සහ මේ අයගේ  අධිසුඛෝපභෝගී පෞද්ගලික ජීවන විලාසයන්ගේ ඇති අසාමාන්‍ය ස්වභාවයි.

මේ අතර හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රමුඛ අනුග්‍රාහකයකු ද සිටී. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අනුග්‍රාහකයින් ලෙස යොදා ගනු ලබන සමාගම් සම්බන්ධයෙන්ද ගැටලු තිබේ. 

උදාහරණයක් ලෙස පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි ​බොහොමයක අනුග්‍රාහකයා වූ Xbet සමාගම ඔන්ලයින් සූදු සමාගමකි. එසේම LPL තරගාවලියේ දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් මිලදී ගත් අවුරා ලංකා (විරංජිත් තාඹුලග) හා ලයිකා මොබයිල් (සුබාෂ්කරන් අලිරාජා) ද මේවන විට ඉන් ඉවත් කර ඇත්තේ ආන්දෝලනාත්මක හේතු නිසාය.

හෝම්ලෑන්ඩ්ස් හිමිකරුවා වන්නේ නලීන් හේරත්ය. 

ඔහු මෑතක දී ප්‍රසිද්ධියට පත් වූයේ ලෝකයටම 40 ක් පමණ තිබෙනවා කියන  නවතම රෝල්ස්රොයිස් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් මෙරටට ගෙන්වීම නිසාය. 

ඉන්දියාවේ ඉහළම බිලියන්පතියන්ටවත් මෙවැනි රථයක් නැත. රුපියල් මිලියන 550 කට ( රඅපියල් කෝටි 55ක්) ආසන්න මුදලක් මේ වෙනුවෙන් වැයකර තිබිණි.  

එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම මුදලක් ලබාදුන් ලොතරැයියටත් ලැබුණේ රුපියල් කොටි 46 කි. 

නමුත් නලීන් හේරත් එක වාහනයකට රු.කෝටි 55 ක් වැය කරයි. 

මේ අනුව මේ අය කෙතරම් මුදලක් එහා මෙහා කරමින් තමන්ගේ සුඛවිහරණයට යොදා ගන්නවා දැයි පැහැදිලිය.  

නමුත් මේ සල්ලි කාගේ ද?   ව්‍යාපාර ලාබයකින් හෝ තමන්ගේ පරම්පරා බූදලයකින් හෝ  අත්පත්කර ගත් ධනයක් ද?  නැත. 

මේ සිදුවන දේවල් අනුව පැහැදිලි වන්නේ එසේ නොවන බවයි.  

මේ අතර  පසුගියදා පැවැති ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යයට රුපියල් මිලියන 600 ක් ( රු.කෝටි 60 ක්) පමණ වැය කළ  බවටත් හෙළි වී තිබිණි.  

එසේම 'Pentara Residencies  තුංමුල්ල හංදිය' සමාරම්භක උත්සවය සහ එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තවත් මිලියන 400කට අධික ප්‍රමාණයක් වැය කළ බව පැවැසේ.   

මෙහි ආරාධිත අමුත්තන් ලෙස ගෙන් වූ  ජනප්‍රිය තරු සියළු දෙනාටම රුපියල් මිලියන ගනනින් ගෙවා තිබිණි.  

කොහොම නමුත්  නලීන් හේරත්ලා මේ රටේ ව්‍යාපාර කළ ද ඔවුන්ගේ ඇත්තම පදිංචිය ඔස්ට්‍රේලියාවේ බවත් පෙනෙන්න තිබේ.  

මෙරටින් හම්බ කරන සියල්ල ඔස්ට්‍රේලියාවේ වත්කම් බවට පත්වේ.  

ආයෝජන බවට පත්වේ. 

මේ පවුලේ අය සති පතා ඔස්ට්‍රේලියාවට යන්නේ එන්නේ ඒ නිසා විය යුතුය. 

මේ අනුව නලීන් හේරත් ඇතුළු පවුලේ සියළු දෙනාට, අසාමාන්‍ය අධි සු‌ඛෝපභෝගී ජීවන විලාසයක් නඩත්තු කරගෙන යෑමට මේසා විශාල ලාබයක් තමන්ගේ දේපල වෙළදාම් ආයතනයෙන් තිබෙනවාද ? කියන කාරණය බරපතල සැකයට තුඩුව ඇති කාරණයකි.  

'Pentara Residencies  ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනෙක් සැකය වන්නේ, මෙම සමාගම විසින් මීට පෙර බොරැල්ල ප්‍රදේශයෙ ආරම්භ කරන ලද Water Dale මහල් 26 ක  නිවාස ව්‍යාපෘතියත් මේ වන විටත් සැකයට තුඩුව ඇති බැවිනි.  

2024 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ සියළුම නිවාස සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත්ව සිටි අතර ඒ පිරිස් ඒ සඳහා මුදල් අත්තිකාරම් ගෙවා තිබිණි.  

නමුත් මේ වන විට වසරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත් මේ දක්වා එහි ඉදිකර ඇත්තේ මහල් දෙකක කොන්ක්‍රීට් සැකිල්ල පමණක්වීම ද මේ වන විට සැක මතුකර තිබේ.

pentara residencies by home lands skyline colombo




COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තුම්මුල්ලේ හෝම් ලෑන්ඩ්ස් 'පෙන්ටාරා ව්‍යාපෘතිය සම්බන්ධ සැක ගොඩක්; ඒ අතරට නඩුවක්
තුම්මුල්ලේ හෝම් ලෑන්ඩ්ස් 'පෙන්ටාරා ව්‍යාපෘතිය සම්බන්ධ සැක ගොඩක්; ඒ අතරට නඩුවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPtsTwZTifABkIqSSRSRPWBBEd1dxRfEN7GqqgIzmjpTOwJhJ8gii3kH-Y6dWfGOXe93toUtm2apQLJ76-V6_u1zWgIU_yTJS9HsqPYUImhbzFbIyWDS-hJEpeliyvyVsjXnKw-yFGan9qMBTZj5zeea6GjHYAdP_Jne0l4Zw04CRBNz_SSTG6BvBEG0mg/s320/pentara-residencies-by-home-lands-skyline-colombo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPtsTwZTifABkIqSSRSRPWBBEd1dxRfEN7GqqgIzmjpTOwJhJ8gii3kH-Y6dWfGOXe93toUtm2apQLJ76-V6_u1zWgIU_yTJS9HsqPYUImhbzFbIyWDS-hJEpeliyvyVsjXnKw-yFGan9qMBTZj5zeea6GjHYAdP_Jne0l4Zw04CRBNz_SSTG6BvBEG0mg/s72-c/pentara-residencies-by-home-lands-skyline-colombo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy