දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටම ලොක්ඩවුන් කලා නම් කොරෝනා පාලනය වෙනවා.. රට වහභනවාට විරුද්ධ පිරිසක් ඉන්නවා…- ගොඩහේවා
Homeප්‍රවෘත්ති

රටම ලොක්ඩවුන් කලා නම් කොරෝනා පාලනය වෙනවා.. රට වහභනවාට විරුද්ධ පිරිසක් ඉන්නවා…- ගොඩහේවා

PropellerAds

‘වසංගත තත්වයේ දී සෞඛ්‍ය අංශ තීරණ අවසන් තීරණය විය යුතු’ යයි රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අම...

ඒ ඉමිහිරි සිරි සිරිය - තනූජා ලුම්බිණි
2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය
ඉර්මා නිසා ලතින් ඇමරිකානු සහ කැරිබියානු දූපත්වල විනාසයක්
‘වසංගත තත්වයේ දී සෞඛ්‍ය අංශ තීරණ අවසන් තීරණය විය යුතු’ යයි රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

“කොරෝනා තෙවන රැල්ල බරපතල තත්වයක්. වේගයෙන් පැතිරෙමින් යනවා. වෙනදාටත් වඩා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් පරිස්සම් යුතු අතර ආසාදිතයන් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදී අවශ්‍ය නිරෝධායන කටයුතු සිදු කිරීම රජය ඉතා හොඳින් සිදු කරමින් පවතිනවා.

ඒ වගේම එන්නත්කරණ යම් අඩාල වීමක් සිදු වුවත් ඉන්දියානු අර්බුදය හමුවේ චීනය රුසියාව වැනි රටවලින් එන්නත් ලැබෙනවා. එමෙන්ම දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රාජතාන්ත්‍රිකව කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව වැනි විශාල රටක එන්නත් කිරීම ප්‍රායෝගිකව අපහසුයි. නමුත් අපගේ රට වැනි ජනගහනය අඩු රටක එන්නත්කරණය පහසුයි. එහෙයින් අපි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ යුතුයි. අවාසනාවකට චීන එන්නත ලක්ෂ හයක මාත්‍රා ප්‍රමාණයක් ලැබුණත් මාසයකට ආසන්න කාලයක් මේ එන්නත ලබාදීමට කල් මැරුවා. වාද විවාද කරමින් අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙනවා. අපිට අහන්න තියෙනවා ප්‍රශ්නයක්, විවිධ ප්‍රශ්න ඇති කරමින් සිටින විට මේ රටේ මියගිය ජනතාවට කවුද වග කියන්නේ. එම අවස්ථාවේ ඒ එන්නත ලබාදී කීම ඉටු කරා නම් තවත් එන්නත් මාත්‍රා චීනයෙන් ලබා ගන්නට තිබුණා. ප්‍රමාද වුවත් දැන්වත් ඉදිරියට කරගෙන යනවා.

රටම ලොක්ඩවුන කරා නම් රෝගය පැතිර යාම පාලනය වෙන බව ඇත්තක්. රට වහභනවට විරුද්ධ පිරිසකුත් ඉන්නවා. ඉහළ ආදායම් ලබන අය රට වහන මතයේ ඇති නමුත් එක දිනක් රට වැහුවොත් එදිනෙදා ජීවිකාව කරගත නොහැකි ජනතාවක් ඉන්නවා. ප්‍රායෝගිකව අතිශය සංවේදී තීරණයක්. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය අංශයේ තීරණය අවසන් තීරණය විය යුතු බව මගේ මතයයි. මේ වසංගත තත්වය හමුවේ රජය මුදල් ගැන තැකීමක් නොකර සියලු වියදම් දරමින් මේ කොරෝනා ගැටළුව විසඳන්න පාලනය කරන්න හැකි හැම දෙයක්ම කළා. කවුරුහරි කියනවා නම් සහන ලබා දෙන්න වෙයි කියලා රට නොඅසා ඉන්නවා කියලා, එය අසාධාරණ කතාවක්.

මුදල් වියදම් කිරීම නෙවේ රජයට ඇති ප්‍රශ්නය ජනතාව ආරක්‍ෂා කරමින් ආර්ථිකය ද ආරක්‍ෂා කිරීම. එසේම සහන ලබා දිමේ ක්‍රමවේදය තුළ ද යම් යම් අඩුපාඩු තිබෙනවා. විපක්‍ෂය අද කියන කතා හා හැසිරීම් අවංකව සිදුකරනවානම් හොඳයි. මෙහි අවංකභාවයක් නෑනේ. එන්නත්කරණයට විරුද්ධව, මහජන මතයක් ගොඩ නැගුවාද? විශේෂයෙන් චීන එන්නත සම්බන්ධයෙන්, මේ අය කරන්නේ දේශපාලනයක්. ජනාධිපතිතුමා ලෝක සෞබ්‍ය සංවිධානය, විදෙස් රටවල් සමග නිරන්තරයෙන් කතා කරමින් ඔවුන්ගේ ආධාර උපකාර ලබා ගන්නවා. මොන රටකින් හරි ආධාරයක් ලැබෙනවා දැනගත් ගමන් විපක්‍ෂ නායකතුමන් ඒ රටවල් සමඟ සාකච්ඡා කරනවා. එය ඔවුන්ගේ ආශාව හා දේශපාලනයයි.

චීන එන්නත ලෝකයේ මිලියන 280ක් පමණ ලබාගෙන ඇති එන්නතක්. එහි අඩුපාඩු කියමින් පසුගිය සමයේ විවේචනය කරපු අය තමයි මේ තත්වයට වග කියන්න ඕනේ. චීන එන්නත එය විවේචනය කරපු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් ලබාගෙන තියෙනවා. එතුමාට අපි සුවය ප්‍රාර්ථනා කරනවා.

සෞඛ්‍ය අංශවලට කිසිඳු බලපෑමක් ඇතිකරන්න අපේ රජය සූදානම් නෑ. එහෙම කරලත් නෑ. මුහුණු පොතේ පලවන හැම දෙයක්ම සත්‍යත් නෑ. රජයක් විදියට ඉතා සෘජු තීන්දු තීරණ ගත් නිසා තමයි අනිත් රටවල් වලට සිදු වී ඇති ව්‍යසනයක් රට තුල ඇති නොවුනේ. මෙය ගෝලීය ව්‍යසනයක්, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ දෙයක් දෙයක් නොවේ. වරින් වර සිදුවන දෙයක්. ඒ වෙලාවන්ට සාර්ථකව මුහුණ දෙනවා. 2015 කොරෝනා තිබුණේ නෑ මු`ඵ ලෝකයම ඉදිරියට යන මොහොතේ යහපාලන රජය මේ රටේ ආර්ථිකය බිඳහෙළා සියලු ප්‍රශ්න ඇතිකර අප්‍රසාදයට ලක් වූ අය අපිට ඇගිල්ල දික් කරනවා.”

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම ලොක්ඩවුන් කලා නම් කොරෝනා පාලනය වෙනවා.. රට වහභනවාට විරුද්ධ පිරිසක් ඉන්නවා…- ගොඩහේවා
රටම ලොක්ඩවුන් කලා නම් කොරෝනා පාලනය වෙනවා.. රට වහභනවාට විරුද්ධ පිරිසක් ඉන්නවා…- ගොඩහේවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio7Ogv2s3aSXCNbe84Eeq7mLCXXBQAP6FGHb0doCGaInOL25zEewAwytAY2jpPTDRmBCLumb1_IVAi_GyFGmrBi9Z4DE2KSlAK-WFhyphenhyphenaubL3a2ZcqUBuTYetHjFKSfVkouIIZpeL7aiuI/s320/godahewaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio7Ogv2s3aSXCNbe84Eeq7mLCXXBQAP6FGHb0doCGaInOL25zEewAwytAY2jpPTDRmBCLumb1_IVAi_GyFGmrBi9Z4DE2KSlAK-WFhyphenhyphenaubL3a2ZcqUBuTYetHjFKSfVkouIIZpeL7aiuI/s72-c/godahewaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_733.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_733.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy