දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය
Homeප්‍රවෘත්ති

2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය

PropellerAds

  ලෝකයේ විශිෂ්ඨතම පිහිටීමක් සහිත අප රට ඉක්මනින් දියුණු රටක් බවට පත් විය හැකි බව ද ඉතිහාසයේ උතුරේ ත්‍රස්තවාදය, දකුණේ තරුණ කැරළි සහ දේශපාල...

පඩි ගෙවන්න බෑ! ඈවර කරනවා! ලේක්හවුස් එක සුපිරි හෝටලයක් කරන්න රනිල් තීන්දු කරයි!
ගෝඨා ලංකාවට එනවට ජවිපෙ කැමැත්තෙන්! ආවට පස්සේ කළ යුතු දේත් කියයි
පිල් මාරුවට සූදානම්! ජනපතිගෙන් ලිඛිත ආරාධනය එයි – සමගියේ පිරිස ආණ්ඩුවට එන්න පෝලිමේ!
2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය

 

ලෝකයේ විශිෂ්ඨතම පිහිටීමක් සහිත අප රට ඉක්මනින් දියුණු රටක් බවට පත් විය හැකි බව ද ඉතිහාසයේ උතුරේ ත්‍රස්තවාදය, දකුණේ තරුණ කැරළි සහ දේශපාලන අසමගිකම් හේතුවෙන් පසුපසට ගිය අප රටට සමගි සම්පන්න බව හා සංහිදියාව මෙන්ම මානව හිමිකම් තහවුරු කිරීම නිසා අද නැවතත් ලෝකයේ ගෞරවය හිමි වෙමින් පවතින බව ද කථානායකවරයා සදහන් කළේය.

කථානායක කරු ජයසූරිය මහතා මේ බව සදහන් කළේ පසුගියදා 2017-09-04 කොළඹ දී පැවැති ශ්‍රී ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය සංවිධානය කළ "මාස්කෝ 2017" සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ නිදහස ලබන විට ආසියානු කලාපයේ දෙවන දියුණුතම ආර්ථිකයක් හිමිව සිටි අප රට පාර්ලිමේන්තු ක්‍රමයේ 70 වන සංවත්සරය මෙම වසරේ දී සමරන්නේ අළුත් මාවතක යන රටක් ලෙස නව ගමනක් අරඹා ඇති මොහොතක බවයි.  තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීම තුලින් රජයේ මූල්‍ය භාවිතය පිලිබඳව විනිවිදභාවය ජනතාවට විවෘතව ඇති බවද තොරතුරු සොයමින් දූෂණයට සහ අක්‍රමිකතාවන්ට එරෙහිව සමාජය බලගැන්වීම මාධ්‍ය සතු වගකීමක් බවද සදහන් කළ කථානායකවරයා මාධ්‍යයන්ට අවශ්‍ය නම් රට දියුණුවේ මාවත ඔස්සේ ගෙන යාමට මෙන්ම රට ගිනි තැබිමට වුවද හැකි බව සඳහන් කළේය.

මාස්කෝ සම්මාන උළෙලෙහිදී රාජ්‍ය අංශයේ විශිෂ්ඨතම ව්‍යවසායකයන් ලෙස හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත්, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජයරත්න දේවගෙදර, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල යන මහත්වරු සම්මාන හිමි කරගත් අතර, ප්‍රවීණ මාධ්‍යවේදීහු විසි දෙනෙකු මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන දිනා ගත්හ.  දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් රටට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ව්‍යාපරිකයෝ විසි දෙනෙක්ද මාස්කෝ රන් තරු සම්මාන හිමි කර ගත්හ.  

මෙහිදී සම්මාන උළෙල අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා :

නොපසුබට උත්සාහයෙන් යුතුව නැගී සිටි ධෛර්යමත් මිනිසුන් සැම විට මේ සමාජය නිවැරදි මගට ගැනීම සදහා ස්වකීය නිර්මාණශීලි හැකියාව තුලින් පෑන මෙහෙයවූ මාධ්‍යවේදීන් මෙන්ම පොදු මහජන දේපල පරිපාලනය කරමින රාජ්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කරන රාජ්‍ය අංශයේ අයතන ප්‍රධානීන් අතරින් විශිෂ්ඨතමයන් වෙනුවෙන් සෑම වසරකම මාස්කෝ සම්මාන උළෙල පැවැත්වෙනවා. ගෞරවය හිමිවිය යුතු පුද්ගලයන්ට ගෞරව කිරීම, පිදිය යුත්තන් පිදීම, ප්‍රසංශාවට ලක් කිරීම උසස් ගුණධර්ම පිරි සමාජයක ලක්ෂණයක්. මේ තුලින් ඔවුනට වඩාත් උද්යෝගීමත්ව රට වෙනුවෙන් යුතුකම් කරන්නට ධෛර්යය සපයනවා.

ජීවිතයේ මොනයම් බාධක පැමිණියත් ධනාත්මකව සුභවාදීව ජීවිතය දෙස බලමින් ජයග්‍රහණය ලබා ගැනීමට මෙවන් විශිෂ්ඨ චරිත තුලින් සමාජයට ආදර්ශයක් ලැබෙනවා. අපට විවිධ ක්ෂේත්‍රයන් තුලින් ඉදිරියන් යන්නත් සාර්ථක මිනිසුන් බවට පත් වීමටත් පුළුවන්. නමුත්  අවසානයේ දී අපට ඉතිරිවන හෘද සාක්ෂියට එකඟව උපයාගත් දැනුමෙන් ධනයෙන් රටට සමාජයට යහපත් දෙයක් ඉටු කළේය යන සතුට සියල්ලටම වඩා වැදගත්.

අද මෙහිදී ඇගයීමට ලක්වන මාධ්‍යවේදීන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වගේම පුද්ගලික අංශයේ  ව්‍යවසායකයින් බොහෝ දෙනෙකු මා පුද්ගලිකව සමීපව ඇසුරු කරන අය.  ඔවුන් අතර,  ඉතාම දක්ෂයන් වගේම පරාර්ථකාමීව මේ රටට සේවය කරන අය සිටින බව මා දන්නවා.

එවන් පුද්ගලයන් ඇගයීමට ලක් කිරීම ගැන ශ්‍රී ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමයට මාගේ ගෞරවය පුද කරනවා. සෑම වසරකම රටේ පැවැත්වෙන පිළිගත් සම්භාවනීය සම්මාන උළෙලක් ලෙස මාස්කෝ සම්මාන උළෙල හැදින්විය හැකියි.

මෙම උළෙල සංවිධානය කිරීම පිළිබඳව එහි සභාපති සුනිල් ගුණරත්න මැතිතුමා, අනුශාසක අශෝක ධර්මරත්න මැතිතුමා, ප්‍රධාන ලේකම් අශෝක මෙන්ඩිස් මැතිතුමා, ඇතුළු සියළුම සාමාජිකත්වයට මාගේ කෘතඥතාවය පිරිනමනවා.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය
2020 ණය නැති ගෞරවනීය රටක් අනාගතයට උරුම කිරීම අපගේ සිහිනය - කරු ජයසූරිය
http://ift.tt/2vNxWJ9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/2020_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/2020_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy