මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි ...
මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පවසති.
යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මර්කය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාර්කය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.
එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ පහන් කනු ස්මාර්කයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කාඩා ස්මාර්කයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටියහ.
පවතින කොවීඩ් අවධානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම සිදුව ඇතැයිද අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි සොයා බලා නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS