මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ප...
මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, ඔහු අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙම එන්නත්කරණ වැඩසටහන අතරතුර මොරටුව නගරාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු අතර එම ස්ථානයේ සිටි බොහෝ පිරිසකගේ දෝෂ දර්ශනයට ලක් වුණි.
අත්අඩංගුවට ගත් සැකකාර නගරාධිපතිවරයා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS