දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිස්ස අත්තනායකට රට යන්න අවසර
Homeප්‍රවෘත්ති

තිස්ස අත්තනායකට රට යන්න අවසර

PropellerAds

ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් වන ආකාරයේ ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත් කළේ යැයි චෝදනා එල්ල වී ස...

පහර කෑ තුවාල තුලින් විෂබීජ ශරීර ගතවී දැරියක මරුට
මාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නෑ - චන්ද්‍රිකා කුමාරතුංග
නාමල්ගෙන් Volunteer day
තිස්ස අත්තනායකට රට යන්න අවසර

ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් වන ආකාරයේ ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගත වීම සඳහා පනවා තිබූ තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය.

තිස්ස අත්තනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම නියෝගය කළේය.

විත්තිකාර තිස්ස අත්තනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හමුවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එම හමුවට සහභාගි වීම සඳහා අධිකරණය මඟින් තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම මෙම මස 10 වනදා සිට ලබන 25දා දක්වා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් තිස්ස අත්තනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට රජයේ පාර්ශවය විරෝධය පළ කළේ නැත.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ විත්තිකරුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින මෙන් නියම කළේය.

විදේශගතව යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එම විදේශ ගමන් බලපත්‍රය මැයි මස  07 වනදා ට පෙර අධිකරණයට භාරදිය යුතු බවද විනිසුරුවරයා  විත්තිකරු වන තිස්ස අත්තනායක මහතාට නියෝග කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුම පවතින බවට  ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සම්මුති පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිස්ස අත්තනායකට රට යන්න අවසර
තිස්ස අත්තනායකට රට යන්න අවසර
http://am.lk/media/k2/items/cache/c57a1a7e0fcda89c06966d397c3d45d5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy