අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය කළ පාවාදීම හේතුවෙන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ...
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය කළ පාවාදීම හේතුවෙන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
එහිදී එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.
“සත්‍යය දන්න කෙනෙක් විදියට මේක පැවසීය යුතුමයි. අවසාන මොහොත වනතුරුත් එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුම කිව්වා කෙනෙක් කිව්වා 27ක්, කෙනෙක් කිව්වා 28ක් ඉන්නවා කියලා. එයින් අඩු වෙන්න පුළුවන්. අවසානයේ අපි 1ක් කියලා තමයි ගණන් හැදුවේ. තමුන්නාන්සේලාට පෙන්නුවේ. ඒ 12 වෙනුවට 15කම දැඩිව ස්ථිරව අවසාන මොහොත වෙනකන් අපිත් එක්ක හිටියා. අපි ඔවුන්ට කිව්වා පරදින විශ්වාසභංග යෝජනාවට සහය දීලත් දේශපාලන වශයෙන් සියදිවි හානි කර ගන්න එපා ශ්‍රීලනිපයේ සහයෝගය ඉවත් වී තිබෙනවා ඒ නිසා ඔබ විශ්වාසභංගයට විරුද්ධ වෙලා ඔබේ දේශපාලන ජීවිතය රැක ගන්න, එහෙම කළොත් පමණයි අනාගතයේ යම් දවසක අපිට ඒ සහය ඕනේ වුණොත් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇත්තෙන්ම ද්‍රෝහී වුණේ එජාපයේ මන්ත්‍රී පිරිස නොවේ, ද්‍රෝහී වුණේ ශ්‍රීලනිප නායකත්වයයි. ඒ නිසා එජාප මන්ත්‍රීවරුන්ට පරිභව කිරීමෙන් වලකින්න කියලා දේශප්‍රේමි ජනතාවගෙන් අපි ආයාචනා කරනවා. ඒ වගේම අපිට අවසාන වශයෙන් මොකද වුණේ කියන එකට සමස්තයට කියන්න තියෙන්නේ සත්‍ය, යුක්තිය මුදලට යට වුණු තවත් අවස්ථාවක්. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 16 අතහැරීයාම 25ක් ඉන්නවා. ඒ අයට නම් මනී සරණං ගච්චාමි කියලා තමයි අපිට කියන්න වෙන්නේ.”
COMMENTS