කොරෝනා වෛරසය පාලනය සඳහා කොළඹ නගර සීමාවේ විශාල ජනතාවකට ඇස්ටසෙනිකා එන්නත පළමු මාත‍්‍රාව ලබාදී ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ස...
කොරෝනා වෛරසය පාලනය සඳහා කොළඹ නගර සීමාවේ විශාල ජනතාවකට ඇස්ටසෙනිකා එන්නත පළමු මාත‍්‍රාව ලබාදී ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
නමුත් ලක්‍ෂයක පමණ ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකි තත්වයක් ඇති තිබෙන නිසා තමන් විශාල පීඩනයක සිටින බවද ඇය කියා සිටියාය.
ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රව ලැබෙන්නේ කවදාදැයි තමන් කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ප්‍රශ්න කළ බව ද ඇය සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ඊයේ රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කරන ලදී.

COMMENTS