තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සළකා බැලීමට අගවිනිසුරුවරයා...
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සළකා බැලීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඊට අමතරව ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරයි.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව යි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් නැතිනම් 6ක් යන්න සොයා බලා මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම හෙට(11) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බලනු ඇත.
COMMENTS