ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට ලබාදිය යුතු දෙවැනි මාත්‍රාව සඳහා ප්‍රමාණවත් එන්නත් තොග නොමැති වීම හේතුවෙ...
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට ලබාදිය යුතු දෙවැනි මාත්‍රාව සඳහා ප්‍රමාණවත් එන්නත් තොග නොමැති වීම හේතුවෙන් සෞඛ්‍ය බළධාරීන් දැඩි අර්බුදයකට ලක්ව සිටී. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණවත් පරිදි ඇණවුම් කර තිබුණද ඉන්දියාවේ වසංගත තත්වය දරුණු වීමත් සමග එම ඇණවුම් ලැබීම ප්‍රමාද වී තිබෙනවා.
පසුගිය කාලයේදී ආණ්ඩුවේ බළධාරීන් සඳහන් කළේ දෙවැනි මාත්‍රාව සඳහා වෙනත් එන්නත් භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි.
සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නත් භාවිතා කිරීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවනට බවට විශේෂඥයන් පිරිසක් ප්‍රකාශ කර ඇති බවයි. ඒ නිසා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට බියවීමට කිසිදු හේතුවක් නොමැති බවයි.
කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කිරීම සඳහා පර්යේෂණ සිදුකළ විශේෂඥයන් කණ්ඩායම පෙන්වා දෙන්නේ එම එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් භාවිතා කිරීම හේතුවෙන් අතුරු ආබාධ ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවයි. එන්නත් දෙකක් මිශ්‍රවීමෙන් හිසරදය, මස්පිඩු වේදනාව, වෙව්ලීම වැනි ආබාධ සුලභව ඇතිවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් පමණ අවශ්‍ය වන අතර එම එන්නත් ලබා ගැනීම සඳහා ඉන්දුනීසියාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව රජයේ බළධාරීන් පවසනවා.
COMMENTS